ටෙක්සාස්හි දැඩි මීදුමක්, වාහන සිය ගණනක් එකිනෙක ගැටේ- Video


ටෙක්සාස් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන මාර්ගයක මීදුම හේතුවෙන් වාහන සියයක් පමණ එකිනෙක ගැටී තිබේ. අනතුරෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර 50 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ලොරි රථ වලට ඇතැම් මෝටර් රථ යටවීමෙන් වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මියගොස් ඇත්තේ එවැනි මෝටර් රථයක ගමන් කළ අඹුසැමි යුවලකි.


අනතුරෙන් පසු වාහන සුන්බුන් ඉවත්කිරිමට කඩිනම් පියවර ගෙන ඇති අතර පැය 8 කට පමණ පසු රථවාහන ධාවනයට මාර්ගය විවෘත කිරීමට ද පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive