ගණ දෙවි කෝවිලට ගංවතුර- video

බුත්තල ප්‍රදේශයට ඇද හැලෙන වැසි සහ මැණික් ගඟ ඉහළ පිහිටා ඇති වෙහෙරගල ජලාශයේ වාන් දොරවල් විවෘත කිරීමත් සමග අද (28) සෙල්ල කතරගම පුරාණ ඝණදෙවි කෝවිල ජලයෙන් යටවිය. අඩි අටක් පමණ කෝවිල ජලයෙන් යට වූ අතර අද උදෑසන සෙල්ල ගණ දේවාලයේ උදෑසන සහ දහවල් පූජාව නොපැවැත්විණ.

 ජලය වැඩිවීම මැණික් ග‍ඟේ පමණක් සිදු වී ඇති අතර කතරගම දේවාලයේ පුදපූජා නිසි පරිදි පැවැත්විණ. මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක පිහිටි ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී පුද්ගලයන් විපතට පත් වී සිටිතී. තණමල්විල, මහවැව ප්‍රදේශයේ නිවාස 40ක් පමණ හානියට පත් වී ඇති ඇත. බුත්තල, කතරගම මාර්ගයේ 22 කනුව ප්‍රදේශයේ බොක්කුවක් ජල වේගයට කඩා යාම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවී ඇති අතර සියඹලාණ්ඩුව, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල නිවාස කිහිපයකට ජලයෙන් හානි සිදු වී ඇත. රන්දෙනිය, සියඹලාගුනේ මාර්ගයේ කිරිඳිඔය හරහා වැටී ඇති කෝසුවට ඉහලින් වතුර දැමීම නිසා රන්දෙනිය ප්‍රාථමික විදුහලේ අධ්‍යයන කටයුතු අද (28) දින නොපැවැත්විණ. ඇල්ල වැල්ලවාය මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කඳු කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා සිදුවී ඇත.
කතරගම හෝ සෙල්ල කතරගම ජනයාට කිසිදු පීඩාවක් නැතැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.



Gossip Lanka Hot News Previous News Archive