Yureni Noshika, නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ කෙල්ලෙක් තමයි මම
වැඩිපුර මූණ පෙන්වන්නෙ නැතුව හිටියම කෙනෙක්ට ජනප්‍රිය වෙන්න පුළුවන්ද? ඊටත් බොහොම සීමිත නිර්මාණ ගණනකට දායක වූණු කෙනෙකුට? හැබැයි තරැණ පරම්පරාවේ බොහෝ නළු නිළියන් ආව වේගයෙන්ම ආපහු යන්න යද්දී ඇය පමණක් ඉතිරි වුණා.කිසි දෙයක් නොකර ඉදලා හදිසියෙන් මූණ පෙන්නලා ගියත් ඇය තරැවක් වුණා.පසුගිය දවසක අපි ඒ තරැව වුණා.
යුරෙනි කොරියා ගිහින් හොදහැටි නැටුවා කියලා ආරංචියි?
ඔව්නෙ,මම හොද හැටි නැටුවා නම් තමයි,හැබැයි ඒ ප්‍රසංග වේදිකාවේ.
මොනවගේ නැටුමක්ද ඔබ එදා ඉදිරිපත් කළේ?
මම හුගක් දුරට වෙස්ටන් ඩාන්සින්වලට බර කෙනෙක්.හැබැයි කොරියා සංචාරයේදී නම් අපි එකම ස්ටයිල් එකක් කියලා නෑ,එක එක විදිහෙ ස්ටයිල් වලට නැටුවා.ස්ලෝ ඩාන්ස් වගේම ෆාස්ට් ඩාන්ස් මම එහි ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළා.ඉතින් අපි කට්ටියට බෙහොම සාර්ථකව ඒ ප්‍රසංගයට සහභාගීවෙලා,හොද ප්රතාචාරත් අරගෙන,සතුටින්,විනෝදෙන් ආවා.
යුරේනි,මේ විදිහට විදෙස් නර්තන ප්‍රසංගවලට අවුරැද්දකට කිපාරක් විතර යනවද?
ගොඩක් ෂෝවලට නම් යන්නෙ නෑ.ආරාධනා ලැබෙන හැම ෂෝ එකකටම යන්නෙත් නෑ.කීපාරක් එහෙම යනවද කියල නම් මට මතකයක් නැහැ.
යුරේනි හැමදාමත් නට නටා ඉන්නද කල්පනාව?
ඇයි එහෙම අහන්නෙ?
ළගපාතකදී ඔබේ මුහුණ වෙනත් ණිර්මානයකදී අපි දැක්කෙ නැති නිසයි එහෙම ඇහවෙ?
අයියෝ... නෑ.මං හිතන්නෙ ඉදිරියේදී මාව නිර්මාණ කීපයකින් දකින්න ලැබේවි.
මොනවද ඒ නිර්මාණ?
වැඩ කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.ඒ අතරෙ ෆිල්ම් දෙකකුත් තියනවා.හැබැයි තවම ඒ එකක්වත් හරියට කන්ෆර්ම්(CONFIRM)නැති හින්දා මට හරියටම ඒ ගැන කියන්න බැහැ.
කලා නිර්මාණවලට බොහොම අඩුවෙන් පෙනී ඉන්න ඔබ තවමත් ජනතාව අතරෙ රැදී ඉන්න තරුවක් වෙලා තියෙන්නෙ කොහොමද?
ඒක රහසක්.
ටී.වී. එකේ වැඩිපුර මූණ පෙන්නන්නෙ නැති එකද ඔබේ ඒ රහස?
අනේ...නෑ.මම ඒක විහිළුවට කිව්වෙ.පසුගිය අවුරුදු එකහමාරක විතර කාලයක් මම ලංකාවෙ හිටියෙ නෑ.ඒ වගේම මම ටෙලිනාට්‍යවල හිටියෙත් නෑ තමයි.ඒත් මම මගේ ආදරණීය ප්‍රෙක්ෂකයන්ගෙන් ඈත් නොවුනේ මම කළ සීමිත චරිත වගේම මගේ නර්තනයන් ඔවුන්ගේ හිතේ තවමත් තියෙන නිසා වෙන්න ඇති.
ඇයි ඔබ වැඩිපුර ටෙලිනාට්‍යවල පේන්නෙ නැත්තේ?
මම හැම දෙයක්ම බදාගෙන කරන්න කැමති නෑ.කොහොමත් දාහක් දේ බදාගෙන කරනවට වඩා කීපයක් හෝ සාර්ථකව කිරීම තමා වැදගත්.මම යමක් කළොත් 100%ක් ඒ වෙනුවෙන් කැපකරනවා.කැප වෙන්න බැරිනම් මම එහෙම දේවල් කරනෙ නෑ.ඒ වගේම මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුනත් මොනවහරි හේතුවක් නිසා ඒවා මිස්වෙලා යනවා.ඒක තමයි හැමදාමත් වුනේ...
නර්තනයට තරම් අවධානයක් ඔබ රංගනයට යොමු කරන්නෙ නෑ කියලා මම කිව්වොත්?
එහෙම නෑ.ඇත්තටම හේතුව මට රංගනය සදහා තවම එහෙම අවස්ථාවක් ලැබිලා නෑ.මම කැමති විදිහෙ චරිතයක් මට ලැබිලත් නෑ.
එතකොට ඔබව ඉහළටම ඔසවලා තියපු කිදුරංගනා ටෙලියේ සංජුගේ චරිතය ?
ඒ චරිතය ඇරැනමි මම කිව්වෙ.අදටත් මම බොහොම ආස කරන චරිතයක් තමයි සංජු.මාව බොහොම ජනප්‍රිය කලේ සංජුගේ චරිතය තමයි.ඒත් ඉන් පස්සේ මට එමෙ චරිතයක් ලැබුනේ නෑ.කොහොමත් මම ඉදිරියේදී ටෙලිනාට්‍යවලට වඩා චිත්‍රපටවලට වැඩි අවධානයක් යොමුකරන්න තමයි බලාපොරෙත්තු වන්නෙනෙ.
ටෙලි නාට්‍ය ඹබට එපාවෙලාද?
එහෙම නෑ.ඒත් ඉතින් මට හිතුණා චිත්‍රපට ඊට වඩා හොදයි කියලා.කොහොමත් හිතට හරියන චරිත නැත්නම් මට ටෙලි නාට්‍යවලට වෙලා කරන්න දෙයක් නෑ.නෙ
ඹබ ඉන්නෙ ඒ ගැන පසු තැවීමෙන් ද?
ඔව් පොඩි පසුතැවීමක් තියනවා.ඇත්තටම මගේ දක්ෂතාවලට ටෙලිනාට්‍යවලින් ඉඩක් ලැබුනේ නෑ.ඒකමයි මම පසුගිය කාලේ රට ගියෙත්.
ඔබට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?
එක කාලයක් එහෙම ආරාධනා ලැබුණේ නෑ තමයි.
ඔබ හිතන විදිහට ඒකට හේතුව කුමක්ද?
මම ගැන තොරතුරු විකෘති බොරු ආරංචි පතුරවපු එක ඒකට එක හේතුවක්.මම බොහොම ඉක්මනට ජනප්‍රිය වීගෙන එද්දී ඒක බලාගෙන ඉන්න බැරි සමහරු ඒවගේ කතා හදනවා.හැබැයි මම විශ්වාස කරන දෙයක් තියනවා,ඒ තමයි තමන් දක්ෂනම් මේ ලොකේ දෙවියො ඉන්නවානම්,අපි කාවවත් වට්ටන්න වැඩ කරන්නේ නැත්තම් අපේ දක්ෂතාව ඉබේම ෆෝකස් වෙනවා.
ඔය විදිහට ඔබට අහිතකර විදිහට පතුරවපු කටකතාව මොකක්ද?
ලොකුම කතාව තමයි මාත් එක්ක වැඩ කරන්න බැහැ කියලා අධ්යක්ෂ වරුන්ව නොමග ටවපු එක.
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා කතාවක් තියනවා?
අනිවාර්යෙන්ම.හැබැයි මේ කතාවේ ගින්නට ගොඩක් බොරු හේතු තියනවා.ඒ වගේම ඇත්තකුත් තියනවා.මම හරියටම වෙලාවට වැඩ කරන කෙනෙක්.පැය භාගයක් විතර වැඩේ පටන්ගන්න පරක්කු වුණාට මට ඉවසනෙ බලන් ඉන්න පුළුවන්.ඒත් එවුන් පොරොන්දු වුණු වෙලාවට පැයක් දෙකක් පරක්කු වෙනවානම් මට කේන්ති යනවා.එතකොට ප්‍රශ්ණ ඇනි වෙනවා.හැබැයි ප්‍රොෆෙෂනල් වැඩ කරන ඕනෑම කෙනෙකුට මාත් එක්ක හරිම පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.
ඒක ඔබට අවාසියක් නේ ද?
අවාසියක් නම් තමයි.ඒත් ඒ මගේ හැටි.
යුරේනි,ඔබට එබට ආරාධනා නොලැබුණෙ ඔය කටකතා වගේම ඔබේ රගපෑමේ අඩුවක් නිසා කියලා මොන වෙලාවකවත් හිතලා නැද්ද?
නෑ...මගේ රංගනය ගැන කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නෑ කියලා මම දන්නවා.අපේ රටේ ප්‍රවීණ නළුනිළියන් පවා මගේ රංගනය ගැන ඉතා ඉහළින් කතා කරලා තියනවා.මාලනී ෆොන්සේකා මහත්මිය දවසක් මට කිව්වා,යුරේනි ඔයා හරිම දක්ෂයි.ඒත් අද වනතුරැ කවුරැත් ඔයාගෙන් ප්‍රෙයෝජනයක් අරගෙන නෑ,කියලා.ඇත්තටම මටත් ඒ ගැන දුකක් තියනවා.මං ගැන තිබුණු විශ්වාසය නැති කිරීම තමයි ඉතින් ඒකට හේතුව.
යුරේනි හිතන විදිහට කවුද ඒ වැඩේ කරේ?
එයාලා දැන් ෆීල්ඩ් එකේ ඇත්තෙ නෑ වගේ.මම ක්‍රස්තියානි වුණාට බුදුදහමේ එන කර්මය ගැන ගොඩක් විශ් වාස කරන කෙනෙක්.තව කෙනෙක් වට්ටලා එතැනට එන්න දගලන කාට වුණත් ඒ දේවල් ඵලදෙනවා.ඇත්තටම ඒක වුණා.
ඔබට ක්ෂේත්‍රෙය් තරහකාරයෝ ඉන්නවද?
දැනුවත්ව නම් නෑ.ඒ කාලේ නම් ඉන්න ඇති.හැබැයි දැන් මම වැඩිපුර පේන්න නැති නිසා හැමෝම මාත් එක්ක යාළුයි.
ක්ෂේත්‍රෙය් ඔබ ළගින්ම ඇසුරැ කරන යාළුවො නැද්ද?
මට බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා නෑ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළෙ.මම හැමොත් එක්කම සුහදව ඇසුරැ කරනවා,ඒත් අතේ දුරින්.ඒ අතරෙ මම සමීපව ඇසුරැ කරනවා උපේක්ෂා ස්වර්ණමාලිව.ඊට අමතරව ප්‍රියසාද් පවුලේ නංගිලා තුන්නොවම මම ළගින් ආශ්‍රය කරනවා.
යුරේනි නොෂිකා කියන නිරූපිකාවට මොකද වුණේ?
එයා තවමත් ඉන්නවා.හැබැයි මම දැන් හුගක් අඩුවෙන් තමා මොඩ්ලින් කරන්නෙ.
ඇයි ඒ?
නෑ...ඉතින් මම මොඩ්ලින් කළා ඇති කියලා හිතුණා.කොහොමත් මම 2006න් පස්සෙ මොඩ්ලින් කළේ හරිම අඩුනේ තමයි.
යුරේනි ඔබ වඩා කැමති රංගනයටද?නර්තනයටද?
රංගනයට
ඒත් ඒ ඔබට අඩුම අවස්ථා හිමිකර දුන් තැන නේද?
ඔව්.ඒත් වැඩියෙන්ම මම කැමති ක්ෂේත්‍රයනෙ.හැබැයි මම කලිනුත් කව්වා වගේ මට චාන්ස් ආවෙ නැතුව නෙවෙයි.ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් නිසා මට ඒව මිස් වුණා.
ඒකද සිනමාව ගැන වැඩියෙන් හිතනවා කිව්වෙ?
එහෙමත් නෑ,ඒත් මම ලංකාවෙ සිනමාවට කැමතියි.මේ වෙද්දි අපේ රටේ සිනමාව දියුණු වෙලා.ගොඩක් හොද චිත්‍රපට බිහිවෙනවා.ඊට සාපේක්ෂව තවමත් තවමත් මේ රටේ ටෙලිඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි එක විශාලයි.ඒත් සිනමාව ඊට වඩා වටිනා දෙයක් විදිහට මට පේනවා.
සිනමා රංගනයට ඔබේ තියන සුදුසුකම මොකක්ද?
රංගනය තමා එකම සුදුසු කම.යමක් කළ හැකි මට්ටමකින් මට රංගනය හා නර්තනය කියන සුදුසුකම් දෙකම තියනවා කියලා මම විශ්වාස කරනවා.ඉතින් ඒ තුළ නිරතවීමෙන් මට තවදුරටත් ඒ හැකියාව දියුණුකර ගන්න පුළුවන්.
යුරේනි,ඉස්සර තරම්ම ජනප්‍රියයි කියලා හිතනවාද?
මම කිසි දෙයක් නොකර ඉදලත් මට මගේ රසිකයන්නේ ලැබෙන ප්‍රතිචාරය ගැන මට පුදුම සතුටුයි.ඔවුන්ගේ ආශිර්වාධය තමයි මාව ඉදිරයට අරගෙන යන්නෙ.මමත් හැමදාම ඔවුන් වෙනුවෙන් ඉන්නවා.
ඒකද ඔබ පසුගිය දවසක වෙබ් අඩවියක් පටන් ගත්තෙ?
ඔව්.වෙබ් එක හරහා මට ගොඩක් දුරට රසිකයන්ට ලං වෙන්න පුලුවන් වුණා.ඒ වගේම අලුත් නංගිලාට මල්ලිලාට ශක්තියක් වෙන්න මම බලාපොරොත්තු වෙනවා.ගෙටඩක් අයට ප්‍රශ්න ආවහම ඊට මුහුණ දෙන්න ශක්තිමත් හදවතක් නෑ.මම ඒ වගේ අයව හැකි තරම් ශක්තිමත් කරන්න ඒ තුළින් කටයුතු කරනවා.
ඔබේ හදවත ශක්තිමත්ද?
අනිවාර්යෙන්ම
ඒ හදවත ළගදී ආදරයක් හිතෙන්නේ නැද්ද?
හිතන්න ඕන අප්පා...මම ඒ ගැන හිතනවා.ඒත් ඉතින් කවදාහරි පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන් ,හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් කෙනෙක් මට මුණගැහුණේ නෑනෙ.
අඩුතරමින් එහෙම යොජනාවක් ආවෙ නැද්ද?
යෝජනා නම් ආවා.ඒත් ඒවා මගේ හිතට හරිගියේ නෑ
තරුණ නළුවොත් ඒ අතරෙ හිටියද?
අපෝ නෑ...මම චන්ඩි කෙල්ලෙක් වගේනෙ ඉන්නෙ.සමහර වෙලාවට මම ගෑනු ළමයෙක්ද කියලා කියන්නත් අමාරුයි.ඉතින් කොහෙද මට ඔය වගේ යෝජනා එන්නේ.ඊටත් මට එහෙම අය හරියන එකකුත් නෑ.
ඉන්දියාවෙ ගිහින් ජෝන් එබ්රහම් එක්ක රගපාද්දී හිතුනෙ නැද්ද ඉන්දියාවෙ නළුවෙක් බැදගන්න තිබුණ නම් කියල?
නෑ...නෑ... ඔය පේන තරම් ඒගොල්ලො ලස්සන නෑ අනේ...
යුරේනි නොෂිකා ගැන කෙටියෙන්ම කියලා අපි කතාබහ ඉවර කරමු නේද?
ම්...යුරේනි කියන්නේ නැව ගිලුනත් බෑන් චූන්,තව ගිලුණත් ඒත් චූන් වර්ගයේ කෙල්ලෙක් තමයි.
Yureni Noshika, නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ කෙල්ලෙක් තමයි මම
2012-11-08T20:13:00+05:30
aruna e
Actress
|