Yureni Noshika ට වුණු දෙයක්, වමනේ දදා කරපු ෂූටින් එක

යුරේනි නොෂිකා කියන්නේ කවුද කියලා අමුතුවෙන්ම කියන්න ඕන නෑනේ. කොහොම හරි ඉතින් අද අපි කියන්න හදන්නේ යුරේනිට වෙච්ච අලකලංචියක් ගැනයි.
අපිට ආරංචි වුණ විදිහටනම් මේක වෙලා තියෙන්නේ ටෙහාන් පෙරේරාගේ අලුත්ම සිංදුව ඒ කියන්නේ “ලොකු සීන් එපා” එකේ විෂුවල් එක හදනකොටයි. ඒ සින්දුව වගේම විෂුවල් එකත් ටිකක් වෙනස්නේ. බොලිවුඩ් සින්දුවක් වගේ පේන ඒ විෂුවල් එකේ යුරේනියි ටෙහානුයි මුහුද මැද්දේ බෝට්ටුවකින් යන සීන් එකක් තියෙනවා.

ඒ සීන් එක ගන්න ටෙහානුයි යුරේනියි බෝට්ටුවට නැගලා තියෙන්නේ කිසිම ගාණක් නැතුවයි. ටෙහාන්ටනම් ඇත්තටම ඒක එච්චර ගාණක් වෙලා නෑ. ඒත් ඉතින් චණ්ඩියා වගේ බෝට්ටුවට නැග්ග යුරේනිටනම් පොඩි ප්‍රශ්නයක් වෙලා. ඒ බෝට්ටුවට නැග්ග වෙලේ ඉඳන් යුරේනිට වමනේ ගිය නිසා කියලයි අපිට දැනගන්න ලැබුණේ.
කොහොම කොහොම හරි ෂේප් එකේ කට්ටිය ෂුටින් වැඩ ටිකත් ඒ අස්සේම වගේ කරගෙන තිබුණා. ඒත් ඉතින් වමනේ දදා කරපු ඒ ෂූටින් එක යුරේනිටනම් කවමදාවත් අමතක වෙන එකක්නම් නෑ.

Gossip Lanka Hot News Previous News Archive