අසැබි වෙබ් අඩවි තහනම් කිරීම 09 දා සලකා බැලෙයි

මෙරට බාල වයස්කරුවන් පෙනීසිටින අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව ජනවාරි 09 වන දින සලකා බැලීමට අධිකරණය තීන්දු කර තිබේ.අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ බත්තරමුල්ල ළමා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්ය.
අදාළ වෙබ් අඩවි තහනම් කිරීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරුණු ගොනු කිරීම අද දිනට යෙදී තිබුණි.

එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ළමා හා කාන්තා කාර්යයංශය විසින් අදාළ නඩුව බත්තරමුල්ල ළමා මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive