අවුරුදු 110 සපිරූ ආච්චි අම්මා ජනපති හමුවෙන්න කැමැතිලු...

සිය අවසන් හුස්‌ම පොද හෙළන්නට පෙර මේ රට කුරිරු ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගැනීමට කැපවුණු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා බැහැදකින්නට අවස්‌ථාවක්‌ ලැබුණොත් ලොකු පිනක්‌ බව අවුරුදු 110 ක්‌ වයසැති අම්පාර, නින්දවුර්, සායින්දමරුදු පදිංචි මුහම්මදු ඉස්‌මායිල් උම්මුකුල්තුම්නාච්චි මහත්මිය දිවයින පුවත්පතට පවසා ඇත .

වර්ෂ 1902 ජනවාරි මස 24 වැනිදා උපත ලද ඈ දරුවන් සිවුදෙනකුගේ මාතාවක්‌ද වන්නීය. තවදුරටත් කතා කළ ඈ මෙසේ කීවාය.

ජාතීන් අතර ඇතිවූ කැරැලි කෝලාහල 1942 දෙවන ලෝක සංග්‍රාමය, 1957 හා 1967 මහා ජල ගැලීම, 1978 සුළි සුළඟ, 1980 සිට 2009 දක්‌වා පැවැති ත්‍රස්‌තවාදී අරගල, 2004/12/26 සුනාමි ව්‍යසනය මා ඇස්‌ දෙකෙන් දැක්‌කා.



මගේ සැමියා වන උදුම්නාකණ්‌ඩු අලියාර් කංගානම 1957 දී මියගියා. මම හොරොව්පොතාන අක්‌කර සීය ගම්මානය බිහිකිරීම සඳහා 1940 දී මගේ පියා වන මුහම්මදිස්‌මායිල් කංගානම මහතාට හා සැමියා වන අලියාර් කංගානමට සහාය වුණා.

මුහෛයදීන් බාවා, මුසම්මිල්, ආදම්බාවා සහ පාත්තුමුත්තු බීව් යන අය මගේ දරුවෝ හතරදෙනා. එයින් ආදම්බාවා හා පාත්තුමුත්තු යන දරුවන් මියගිහින්."

"මහින්ද චින්තන" වැඩපිළිවෙළ යටතේ මට රුපියල් දාහක දීමනාවක්‌ ලැබෙනවා. ජනාධිපතිතුමා රටේ දියුණුව වෙනුවෙන් කරන සේවයට දීර්ඝායුෂ ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැරෙන්න කලින් මේ රට කුරිරු ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීමට කැපවුණු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දකින්නට අවස්‌ථාවක්‌ ලැබෙනවා නම් ලොකු පිනක්‌."

අද කාලයේ අවුරුදු සියයකට වැඩි කාලයක්‌ ජීවත් වූ කෙනක්‌ පිළිබඳව අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. සැබවින්ම මේ කතාවට පාදක වූ සිව්දරු මාතාව මේ රටට මේ ජාතියට මෙන්ම මේ මුළුමහත් ලෝකයටම වාසනාවකි.

Gossip Lanka Hot News Previous News Archive