බාලවයස් දැරිය රංචු ගැසී දූෂණය කළ විත්තිකරු වසර 12ක් හිරේ

අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් සිසුවියක් රංචුගැසී දූෂණය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් එකී චෝදනාවට වරදකරු බව නිගමනය කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විත්තිකරුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සමඟ දඩ සහ වන්දි මුදල් ගෙවන ලෙසද නියෝග කළේය.


තීන්දුව ලබාදෙන අවස්ථාවේ පළමුවන විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කැකිරාව පොලිසියට නියෝග කළේය. දඬුවම් නියම වූයේ අබ්දුල් හමීඩ් නජීම් මොහොමඩ් නමැත්තාටයි.

පළමුවන විත්තිකරුට සිර දඬුවමට අමතරව රුපියල් 25,000ක දඩ මුදලකුත් අගතියට පත් කාන්තාවට රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කළ අතර, දඩ සහ වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 15ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය. මෙම නඩුවේ දෙවන චූදිත වන ෂෙරීන්ඩීන් මොහොමඩ් අබ්දුල් මලික් නමැත්තා සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙසද විනිසුරුවරයා නියම කළේය.

1996 වර්ෂයේ මාර්තු මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරු විසින් කැකිරාව ප්‍රදේශයේදී වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කළ බවටත්, දෙවන චූදිතයා අනුබල දුන් බවටත් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
මේ නඩුවේ ලඝු නොවන නඩු විභාගය කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණු අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය වෙත යොමු කර තිබිණි.



Gossip Lanka Hot News Previous News Archive