ගුණදාස අමරසේකර සූරීන් පළාත් සභා ක්රමය දැඩි ලෙස විවේචනය කොට තියෙනවා. බඩගෝස්තරවාදී අධම පිරිසක් බවට තමයි පළාත් සභාවේ මැති ඇමැතිවරුන් හඳුන්වා දීලා තියෙන්නේ. අපේ ගම් පළාතේ ඉපදුණු මේ දේශහිතෛෂියා ගමේ පෙර පාසලකට ශත පහක්වත් දීලා නැහැ. ගමේ අය දැකලාවත් නැහැ.
දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්තී්ර විජේපාල හෙට්ටිආරච්චි මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සභාවේ 2013 සඳහා වූ මුදල් ප්රකාශය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
මන්ති්රවරයා මෙසේද පැවසීය.
‘ගුණදාස අමරසේකර සූරීන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඔහු උපන් ගම් පළාතට ශත පහක උදව්වක් කරලා නැහැ. පළාත් සභාවේ අවසාන අයවැය ලේඛනය මෙය වෙන්න පුළුවන් පළාත් සභා ක්රමය මේ රටින් තුරන් කිරීමට රජයේ ඇතැම් කසකාරයන් කටයුතු කරනවා. පළාත් සභා ක්රමයේ අඩුපාඩු තියෙනවා මුදල් නාස්තිවීම් තියෙනවා. එම අඩුපාඩු හදාගෙන ඉදිරියට යා යුතුයි.’