නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙහෙය වන ඇමරිකාවේ පෞද්ගලික ආයතනයක් මඟින් ඩොලර් මිලියන 1.4ක මුදලක් අය කර ගෙන මිනිසුන් හඳට යැවීමට සූදානම් වේ.
එම ආයතනය වැඩිදුරටත් පැවසූවේ, දැනට පවතින රොකට් සහ කැප්සූල තාක්ෂණය යොදා ගනිමින් මෙම දශකය අවසන් වීමට පෙර තමන් මෙම දැවැන්ත පියවර තැබීමට සූදානම් වන බවය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් එම ආයතනයේ ප්‍රධානී නාසා ආයතනේ හිටපු සහකාර කළමනාකාර ඇලන් ස්ටර්න් පවසන්නේ, මෙම කටයුත්ත සඳහා තම රජය සහ දකුණු අප්‍රිකාව, උතුරු කොරියාව සහ ජපානය වැනි රටවලට ද සහභාගී විය හැකි බවය.
15 වතාවක් හෝ 20 වතාවක් සඳ මතට මිනිසුන් යැවීමට ද ඔවුහු අපේක්ෂා කරති.
1960 වසරේ පළමු වරට සඳ මතට පා තැබිමේ යෝධ පියවරේ හිමිකාරිත්වය උසුලන අමෙරිකාව මෙවර දරන උත්සාහය පිළිබඳව මේ වනවිටත් ලොව පුරා කාගේත් අවධානය යොමු වී තිබේ.
Dec92012
Comments

There are no comments posted yet. Be the first one!
Comments by IntenseDebate
ඩොලර් මිලියන 1.4 කින් හදට යන්න සුදානම් වෙමු
2012-12-09T07:04:00+05:30
aruna e