ඒ අනුව ඔහු ටෙස්ට් ලකුණු දසදහස සම්පූර්ණ කල ලොව 11 වැනියා මෙන්ම ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩකයා බවට ද පත්විය.
ලකුණු 10,000 සම්පූර්ණ කිරීමට සංගක්කාරට ලකුණු 40ක් ලබා ගත යුතුව තිබු අතර ඔහු එම ඉලක්කය සාර්ථකව ජය ගන්නා ලදී.
සංගක්කාර අද සහභාගි වන්නේ ඔහුගේ 115 වැනි ටෙස්ට් තරගය සදහාය.
ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා බවට මහේල ජයවර්ධන පත් සිටී.
සංගක්කාරගෙන් පසු මෙම දක්ෂතාවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ඉදිරියෙන් සිටින්නේ ටෙස්ට් ලකුණු 5439 ක් ලබා සිටින තිලාන් සමරවීර වන අතර ඉන් අනතුරුව ලකුණු 5402ක් ලබා තිලකරත්න ඩිල්ෂාන්ය.
සචින් ටෙන්ඩුල්කාර්, රිකි පොන්ටින්, රාහුල් ඩ්‍රාවිඩ්, ජැක් කාලිස්, බ්‍රයන් ලාරා, ඇලන් බෝඩර්, ස්ටිව් වෝ හා ශිවනරින් චන්ද්‍රර් පෝල් ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කර ඇති සෙසු ක්‍රීඩකයින් 9 දෙනා වෙති.
අද පෙරවරවේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 156 කට දවා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නන් සමත් විය.
මිචෙල් ජොන්සන් ලකුණු 63කට කඩුලූ 4ක් දවාගනිමින් ශ‍්‍රී ලංකා ඉනිම බිදදැමීමේ පුරෝගාමියා විය.
ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වාර්තාවූ එකම අර්ධ ශතකය කුමාර සංගක්කාර 58ක් වාර්තා කළේය.
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් පන්දු 46කදී ප‍්‍රවේගකාරී ලකුණු 62ක් ලබා ගත්තේය.
ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා අලංකාරවත් එක් හයේ පහරක් ඇතුළත් විය.
දිනය නිමා වන විට නායක මයිකල් ක්ලාක් (නොදැවී) 20ක් හා ෂේන් වොට්සන් (නොදැවී) 13ක් ලබා කඩුල්ලේ රුදී සිටිති.
ශ‍්‍රී ලංකාව (පළමු ඉනිම) 156
(කුමාර සංගක්කාර 58, මහේල ජයවර්ධන 24, ඇන්ජලෝ මැතිව්ස් 15, රංගන හේරත් 14,මිචෙල් ජොන්සන් 4/63, නේතන් ලියෝන් 23/2, පීටර් සිඩ්ල් 30/2, ජැක්සන් බර්ඩ් 32/2)
ඕස්ටේ‍්‍රලියාව (පළමු ඉනිම) 150/3
ඩේවිඩ් වෝනර් 62, එඩ් කොවාන් 36, මයිකල් ක්ලාක් (නොදැවී) 20, ෂේන් වොට්සන් (නොදැවී) 13, පිලිප් හියුස් 10, ඇන්ජලෝ මැතිව්ස් 9/1, ධම්මික ප‍්‍රසාද් 39/1)