පූසාරිවරයෙක් 18ක විවාහක කාන්තාවක දූෂණය කොට පලා ගොස් ඇත.

අකුරැස්ස, මාවරල ප්‍රදේශයේ අවුරුදු දහඅටක විවාහක කාන්තාවකට ආරූඩයක් පැමිණ ඇති නිසා එය සුව කිරීමට පැමිණ පූසාරිවරයෙක් ඇය දූෂණය කොට පලා ගොස් ඇති බවට අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම කාන්තාව විවාහ වී මාස තුනක් පමණ වන අතර ඇයට ආරූඩයක් ඇතිවි තිබේ.

අනතුරුව ඇයගේ සැමියා මොරවක ප්‍රදේශයේ පදිංචි පූසාරියෙකු නිවසට ගෙන්වා වැඩ කටයුතු සිදුකර ඇත.

රාත්‍රී කාලයේ මෙම කාන්තාවට පිළිවෙත් කරන අතරතුර දී සැමියාට මුට්ටියක් අරන් තබාගෙන මිදුලට වී සිටින ලෙසට ඔහු පවසා ඇත.

අනතුරුව මෙම පූසාරියා මෙම කාන්තාවට මරණිය තර්ජනය කොට පහර දී බිය ගන්වා ඇය දූෂණය කොට ඇත.


පසුව මෙම පූසාරියා මේ බව නොදත් තරුණියගේ සැමියාට පවසා ඇත්තේ ඇය කහ දියරින් නහවා නිවසට ගන්නා ලෙසටය.

-ලක්බිම

Gossip Lanka Hot News Previous News Archive