සැකකරුවෝ 4ක් සී. අයි. ඩී. දැලේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ටියුෂන් ගුරුවරයාට එම ප්‍රශ්න පත්‍රය රුපියල් ලක්ෂයක මුදලට විකිණූ පුද්ගලයා ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.ටියුෂන් ගුරුවරයා විද්‍යාව ප්‍රශ්න පත්‍රය රුපියල් ලක්ෂයක මුදලකට ලබාගෙන ඇත්තේ තමන් සමඟ සමීප සබඳතා පැවැත්වූ කරණවෑමියකුගෙන් බව ද මේ වන විට අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ පුළුල් පරීක්ෂණයකදී හෙළිදරව් වූයේ සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය මුලින්ම ලබාගෙන ඇත්තේ විභාග දෙපාර්තමේන්තු මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවකු විසින් බවයි. අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිටි මෙම පුද්ගලයා තම සමීපතම හිතවතකු වූ විශ්‍රාමික හමුදා නිලධාරියකුට මෙම ප්‍රශ්න පත්‍රය ලබාදී ඇත්තේ හිතවත්කමටය. විශ්‍රාමික හමුදා නිලධාරියාගේ බිරිඳ විදුහල්පතිනියක බව ද හෙළි වී ඇත.
විශ්‍රාමික හමුදා නිලධාරියා මෙම ප්‍රශ්න පත්‍රය තමන් සේවය ලබාගන්නා කරණවෑමියකු වෙත ලබා දී තිබේ.
එම කරණවෑමියා ටියුෂන් ගුරුවරයකු සමඟ ද සමීප සබඳතා පවත්වන අතර ඔහුට ලබාදීමට යෑයි කියමින් කරණවෑමියා මෙම ප්‍රශ්න පත්‍රය ලබාගෙන තිබිණි.පසුව එම කරණවෑමියා රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන අදාළ ප්‍රශ්න පත්‍රය ටියුෂන් ගුරුවරයාට ලබා දී තිබේ.විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියට සම්බන්ධ මුද්‍රණාල සේවකයා, විශ්‍රාමික හමුදා නිලධාරියා, කරණවෑමියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන අතර ඔවුන්ගෙන් මේ සම්බන්ධව දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
රුපියල් ලක්ෂයක මුදලට මෙම ප්‍රශ්න පත්‍රය මිලදී ගත් ටියුෂන් ගුරුවරයා මීට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
සැකකාර ටියුෂන් ගුරුවරයා අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබාගැනීමෙන් පසු එහි තිබූ ප්‍රශ්න 19 ක්ම ඒ ආකාරයෙන්ම මුද්‍රණය කර අනුමාන ප්‍රශ්න ලෙස සිය පෞද්ගලික පංතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත බෙදාහැර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
-සබැදි පුවත්-
1. විභාගෙට කලින් විද්‍යාව ගණිතය ප්‍රශ්න පත්‍ර රුපියල් 8000 ට විකුණලා ලූ.
2.විද්‍යාව-ගණිතය පමණක් නොව ඉතිහාසය-බුද්ධාගම ප්‍රශ්න පත්තරත් කලින් පිට වෙලා.
3.විද්‍යා ප්‍රශ්ණ පත්‍රය පිටකල සම්පත් අත්තටගේ රිමාන්ඞ්.
4. පිටවූ ප්‍රශ්නවලට යළි විභාග නෑ