
ඔහු මෙල්බර්න් ස්ටාර් කණ්ඩායමට ක‍්‍රීඩා කරමින් පර්ත් ස්කොචර්ස් පිළට එරෙහිව ලකුණු 7කදී කඩුලු 6ක් බිද දැමීමට සමත් විය.
පර්ත් ස්කොචර්ස් පිලේ මාර්කස් නොත්, මාර්කස් ස්ටොනිස්, හිල්ටන් කාර්ට්රයිට්, ටොම් ටි‍්‍රෆීට්, නේතන් කොල්ටර්, ජෝයි මැනී මාලිංගගේ කඩුලු 6යට ඇතුළත් විය.

මාලිංගගේ විස්සයි - 20 කි‍්‍රකට් දිවියේ හොදම පන්දුයැවීම ලෙසද මෙය සැලකේ.
ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලු ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ද ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ටී 20 ක්‍රිකට් තරග සඳහා සහභාගී වන්නේ ය. තමන්ගේ දුස්රා පන්දු යැවීම පිළිබඳව ඕසට්‍රේලියා ටෙස්ට් පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්, මුරලි දැනුවත් කරන බව වාර්තා වේ.
එහෙත් එවැනි පන්දු යැවීමක් කළ යුත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ පිළිගත් නීතිරීති වලට අනුව බැව් ඕස්ට්‍රේලියාවේ තේරීම් කමිටු සභාපති පවසයි. ඉන්දියාව, පාකිස්තානය සහ බංගලිදේශ ක්‍රීඩකයන් දුස්රා පන්දු යැවීමේ යෙදෙන බව මුරලි ඕස්ට්‍රේලියා මාධ්‍යයට පවසා ඇත. සමහර ඕස්ට්‍රේලියා මාධ්‍යවේදීන් පවසන්නේ මෙවරද මුරලිට එරෙහිව ඩැරල් හෙයා සොවනැල්ල හොල්මන් කිරීමට ඉඩ ඇති බවයි.