![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCi2VbT7zXH8pJP6mbzC5eYjVAMD5FCq54odrX18BoC-AfVL7iphyphenhyphenjljF1Saa3awLetXOgo3M93LozoV_ppiY92LqVfIjZEI4dGAfye5KPwX-aUH5CYNWO-rVmKrvxPHZ0HKHGHHLtm0J_/s200/SL_AU_600px04_12_12_29.jpg)
ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 103 ට සීමා විමත් සමග ඕස්ට්‍රේලියාව පහසුවෙන් මේ තරගය ජයගත්තේය.
මේ අනුව ටෙස්ට් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාවට ජය අත්විය.
ශී‍්‍ර ලංකා ඉනිම දෙකේදීම කඩුලු 06ක් බිඳහෙලූ මිචෙල් ජොන්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුම ආබාධයකට ලක්වීම විශේෂත්වයකි.
දෙවැනි ඉනිමේදී කුමාර සංගක්කාර ආබාධයකට ලක්වීම හේතුවෙන් ලකුණු 27 ක් ලබාසිටිය දී ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර ද ආබාධයන්ට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නොහැකිව තිබිණි.
ශ්‍රී ලංකාව (පළමු ඉනිම) 156 (දෙවැනි ඉනිම) 103 (ඇන්ජලෝ මැතිව්ස් 35, කුමාර සංගක්කාර 27, මිචෙල් ජොන්සන් 2/16)
ඕස්ට්‍රේලියාව (පළමු ඉනිම) 460