2012.12.12 දහවල් 12.12 ට මිණි පුරයෙන් දරු උපතක්

වසර දහසකට එක් වතාවක් පමණක් එළැඹෙන දින වකවානුවක එනම් 2012-12-12 දින ඊයේ දහවල් 12.00 පසු වී මිනිත්තු 12ට රත්නපුර මහ රෝහලේදී සාමාන්‍ය දරු ප්‍රසූතියකින් සිඟිති දියණියක් මෙලොව එළිය දුටුවාය.

රත්නපුර ගොරකාඇළ පදිංචි රුක්මන් ගුණතිලක මහතාගේ බිරිය වන ගයානි සුසන්තිකා ගුණතිලක මහත්මිය මෙකී දියණිය ප්‍රසූත කළාය. තිස්එක් හැවිරිදි මේ මව රත්නපුර මඩබද්දර විදුහලේ ගුරුවරියකි. පියා, මැණික් ව්‍යාපාරිකයෙකි. මේ දියණිය ඔවුන් දෙපළගේ කුලුඳුල් දරුවා වේ. විශේෂඥ වෛද්‍ය උපාලි ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත මෙම දරු උපත සිදු විය. මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.


වසර 1000කට පසු එළැඹුණු සුවිශේෂී දිනයක් වන ඊයේ දිනයේදී (12 දා) කුම්භ ලග්නයේ, අනුර නැකැතේ, 3 පාදයෙන් උදා වූ පස්වරු 12.12 ට බලගතු ග්‍රහ පිහිටීමක් යෙදී තිබුණේ යැයි ප්‍රවීණ ජේ‍යාතිෂවේදී රෝහිත අතුරලිය මහතා පවසයි.

එම ග්‍රහ පිහිටීම අනුව උපත ලද දරුවන් ඉතා වාසනාවන්ත සෞභාග්‍යවත් අනාගතයකට හිමිකම් කියන්නේ යැයි පැවැසූ ඒ මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹීමට වාසනාවක්ද ඔවුන් සතුවන බව කියයි.


Gossip Lanka Hot News Previous News Archive