වසර 20කින් අයෙත් යුද්ධයක් - රාජිත කියයි

වාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස තිබෙන පළාත් සභා ක්‍රමය තව තවත් ශක්තිමත් කළ යුතු බවද, එසේ නොමැති වුවහොත් නැවත වසර විස්සකින් උතුරේ යුද්ධයක් ඇති විය හැකි බව ද, එම යුද්ධය නැවැත්වීමට ලෝකයේ කිසිදු හමුදාවකට නොහැකි වන බව ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් ඉතිහාසයේ කවරදාටත් වඩා සීග‍්‍ර සංවර්ධනයක් උතුරු පළාතේ ක්‍රියාත්මක කර තිබෙන නමුත්, ඒ සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතාවගේ අභිමානය වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලෙස උතුරේ පළාත් සභාව පිහිටුවා එය ශක්තිමත් කිරීම බවද ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ ක‍ළේ යාපනය ගුරුනගර්හි සී/ස ලංකා අයිස් සමාගම විසින් පිහිට වු අයිස් නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

"මේ රටේ පළමුවෙන් ම ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටියේ උතුරේ ජනතාව නොව උඩරට සිංහල බෞද්ධයෝ. ඒ අවස්ථාවේදී උතුරේ අය ෆෙඩරල් රාජ්‍යයට විරුද්ධ ව කොළඹින් වන පාලනයකට කැමැත්ත ලබා දුන් නමුත් අපේ දේශපාලඥයින් කළ වරද නිසා අන්තිමට අති විශාල විනාශයක් සිදු කළ යුද්ධයක් ජනවාර්ගික ප‍්‍රශ්නය මතු වුණා. ජනාධිපතිතුමා දැන් කෙසේ හෝ සාමය ගෙනවිත් උතුර නැගෙනහිර සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා" යයිද ඇමතිවරයා එහිදී සදහන් කළේය.




Gossip Lanka Hot News Previous News Archive