
තම ටෙස්ට් දිවියේ 3 වැනි අර්ධ ශතකයට හිමිකම් කී පිලිප් හියුස් ලකුණු 86ක් ලබා ගත්තේය. හියුස් ටෙස්ට් පිටියෙන් සමුගත් රිකී පොන්ටින් වෙනුවට ඕස්ටේ‍්‍රලියානු පිලට ආදේශ කළ කී‍්‍රඩකයා වීමද විශේෂිතය.
හියුස්ගේ ඉනිමට හතරේ පහර 08ක් හා අලංකාරවත් හයේ පහරක් අන්තර් ගත විය.
දිනය නිමා වන විට නායක මයිකල් ක්ලාක් (නොදැවී) 70ක් හා මයික් හසී (නොදැවී) 37ක් ලබා කඩුල්ලේ රුදී සිටිති.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ බිද වැටුණු කඩුලු 4න් කඩුලු 3ක්ම දවා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙලගෙදර සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව (පළමු ඉනිම) - 299/4
(පිලිප් හියුස් 86, මයිකල් ක්ලාක් (නොදැවී) 70, ඩේවිඩ් වෝනර් 57, මයික් හසී (නොදැවී) 37, ෂේන් වොට්සන් 30, එඩ් කොවාන් 04, චානක වෙලගෙදර 99/3)