අගවිනිසුරුවරියට එරෙහි චෝදනා තුනක් ඔප්පු වුණා , 3 charges against Chief Justice Shirani Bandaranayake proven

ට්‍රිලියම් ගනුදෙනුව, ප්‍රකාශයට පත් නොකළ බැංකු ගිනුම් පවත්වාගෙන යාම හා සිය ස්වාමිපුරුෂයාට එරෙහි නඩුවක් ඇති බැවින් පක්ෂග්‍රාහීත්වය පිළිබඳ චෝදනා ඔප්පු වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාප්‍රකාශ කළේ ය

විශේෂ තේරීම් කාරක සභාව විසින් කථානායකවරයා වෙත අද (08) භාරදුන් විමර්ශන වාර්තාව අනුව අගවිනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකරු බවට තීරණය කර ඇත.


පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසිය.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබු චෝදනා 14න් 5ක් පමණක් වමර්ශනය කළ බවත් එයින් චෝදනා තුනකට වැරදිකරු ලෙස කමිටුව තීරණය කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

චොදනා 1 සිට 5 දක්වා විමර්ශනය කළ බවත් ඒ අනුව චෝදනා අංක 1, 4 සහ 5 ට අදාළව වැරදිකාරිය බවට ඔප්පුවී ඇති බව ඇමතිවරයා පැවසිය.

එසේම චෝදනා 5න් 3කට වැරදිකරුවී ඇති බැවින් ඇය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඇමතිවරයා මෙහිදී තවදුරටත් පවසා සිටියේ, විමර්ශනය කරන ලද සෙසු චෝදනා දෙක සාක්ෂි නොමැතිවීම හේතුවෙන් විමර්ශනයට නොගෙන ඉවත් කළ බවත්, චෝදනා තුනකට වරදිකරුවී ඇති බැවින් චෝදනා 14 තුළ සෙසු චෝදනා විමර්ශනයට නොගන්නා බවත්ය.

කෙසේවුවද, අගවිනිසුරුවරුයට එල්ල කර ඇති දෝශාභියෝගය සම්බන්ධයෙන් පත් කල තේරීම් කාරක සභාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට පෙර එය විශ‍්‍රාමලත් විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුතු විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් මඟින් නැවත පරීක්‍ෂා කර බලන්නැයි ඩිවූ ගුණසේකර, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර යන කැබිනට් ඇමතිවරු තිදෙනා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, නව වාමාංශික පෙරමුණ යන පක්‍ෂවල නායකයන් සූදානම් වන්නේ යයිද වාර්තාවේ.


Gossip Lanka Hot News Previous News Archive