අම්පාරේ මේ වන විට භූ චලන 30 ක් සිදුවෙලා

අම්පාර වඩිනාගල ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ වන විට භූ චලන 30කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇතත් ඒවා ඇතිවීමට හේතු සාධක පතල් කැණීම් භූ විද්‍යා කාර්යාංශයට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මේ තත්ත්වය මත ඇතැම් ගම්මානවල නොසන්සුන්ව සිටි ගැමියන් සියයකට අධික පිරිසක් පසුගිය සති අන්තයේ වඩිනාගල පාසලට එක් රැස්කොට ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ද සිදුවූ බව අම්පාර දිසා ලේකම් නීල් ද අල්විස් මහතා පැවැසීය.



අතිරේක දිසා ලේකම් අසංග අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව මෙහෙයවා ඇති අතර ඒ සඳහා භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ද කැඳවා තිබිණි.
මේ සම්බන්ධයෙන් පතල් කැණීම් භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.කේ. විජයානන්ද මහතා සඳහන් කෙළේ මේ භූ චලන තත්ත්වය පිළිබඳ තවමත් නිගමනයකට පැමිණ නොමැති බවයි.

ඒ සඳහා මේ සතියේ සිට පුළුල් ලෙස ක්‍ෂේත්‍ර පරීක්ෂණ සිදුකරන බවද ඔහු පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive