බන්දුල න්‍යාය අනුව බැරිවෙලාවත් ප්‍රශ්න 40ම පිට වුණොත් ?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්කු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ බිබිල මැදගමදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අදහස් පළ කළේය.

''අද අධ්‍යාපන ක්ෂේත්‍රයම අර්බූදයට ලක් වෙලා අද අලුත්ම ප්‍රශ්නය තමයි, ප්‍රශ්න පත්‍ර පිටවීම ඉස්සර නම් ප්‍රශ්න ප්‍රශ්න පත්තරේ අලුතින් හදලා ආපහු ළමයි විභාගයට වාඩි වෙනවා. දැන් ප්‍රශ්න19ක් පිට වුණාම ලකුණු 19ක් දෙනවා. බන්දුල ගුණවර්ධන න්‍යාය අනුව බැරිවෙලාවත් බහුවරන ප්‍රශ්න පත්තරේ 40ම පිට වුණොත් එහෙනම් ළමයි ඔක්කොම පාස් ලකුණු 40ක් ලැබෙනවා. මේක ද අලුත්ම අධ්‍යාපන ක්‍රමය''

Gossip Lanka Hot News Previous News Archive