අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ජල ගැලීම් සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 5000 ක අධික සංඛ්‍යාවක් මේ වන විට අවතැන්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අයහපත් කාලගුණයත් සමඟ කුරුණෑගල, මාතලේ, මහනුවර, නුවරඑළිය, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවය.
ඒ අතර අද උදෑසන 8.30 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල ප්‍රදේශයට ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ඇතුළු සියලු ඇල මාර්ග පිටාර ගලා ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ දිස්ත්‍රික්කයේ පවුල් 4000 කට අධික සංඛ්‍යාවක් අවතැන්වී සිටින බවය.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අනෙකුත් දිස්ත්‍රික්කවල අවතැන්වූ පවුල් 830 කඳවුරු 18 ක රඳවා ඇති බවය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 07 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති බවය.
නිවාස 86 ක් සම්පුර්ණයෙන්ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 495 කට අර්ධ හානි සිදුව තිබේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙකු අද දිනයේ මියගොස්
ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, ඉන්දික රණවීර මහතා පැවසීය.
අයහපත් කාලගුණයත් සමඟ කුරුණෑගල, මාතලේ, මහනුවර, නුවරඑළිය, පොළොන්නරුව, බදුල්ල,
මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඊට අමතරව අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක වාන් දැමීම පටන් ගෙන තිබේ.
වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය පැවසුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ, මහියංගනයේ සොරබොර වැව සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු මේවන විට විවෘත කර ඇති බවය.
මීට අමතරව මඩකලපුවල, උන්නච්චිය ජලාශය සහ රූගම් ජලාශය වාන්දමන බව ද ඇය සඳහන් කළාය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද රාජාංගනය, ඒරුවැව ඇතුළු කුඩාවැව් 20 ක පමණ වාන් දොරටු විවෘත් කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීය.
ඇය ප්‍රකාශ කළේ, හම්බන්තොට ලුණුගම්වෙහෙර, වෙහෙරගල ජලාශවල වාන්දොරටු විවෘත කර ඇති බවය.
මේ අතර දිවයිනේ ගංඟා කිහිපයක ජලමට්ටම් ගංවතුර මට්ටම ඉක්මවා ඇති බව ද වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය සඳහන් කළාය.
මේ අතර මහවැලි පද්දතියට අයත් බෝවතැන්න, උඩවලව, චන්ද්‍රිකා වැව, කලාවැව, සහ උල්හිටිය හා
රත්කිඳ ජලාශ ද වාන් වාන් දමන බව මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා සඳහන් කළේය.
අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සහන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන ඇති බවය.
දිවයිනට දකුණු දෙසින් වායුගෝලයේ කැලඹිළි ස්භාවයක් හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාර්යය නියතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය පැවසුවාය.
කුරුණෑගල අනුරාධපුර ප්‍රධානමාර්ගයේ රිදීබැඳි ඇල්ල මන්සන්දිය |