රනිල්ගේ නායකත්වය 6 වසරකට තීන්දුවේ,6 year term for UNP leader adopted

UNPය 2018 තෙක් රනිල්ට , පක්ෂව ඡන්ද 4641යි

සජිත් කරූ විරෝධය මැද යෝජනාව සම්මතයි, රනිල් සදාකාලික නායකයා


එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ධූර කාලය වසර 06 කින් දීර්ඝ කර ගැනීමේ යෝජනාව දැන් පැවැත්වෙන එම පක්ෂ‍යේ මහා සම්මේලනයේදී බහුතර ඡන්දයෙන් සම්මත වී ඇතැ.

කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, තලතා අතුකෝරාළ යන මන්ත්‍රීවරුන් එම යෝජනාවට විරෝධය පළ කර ඇතැයිද අප වාර්තාකරු සඳහන් කරයි.


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් ස්ථීර කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව රැඩිකල් යෝජනා මාලාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

එකී යෝජනාව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ස්ථීර කර ඇත.

මේ අතර සම්මේලනය අමතමින් කතා කළ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

එසේම පොදු අපේක්ෂ‍කයෙකු ඉදිරිපත් නොකළ යුතු බවද ඔහු පවසා තිබේ.

මේ අතර එජාප නායකයාගේ ධූර කාලය වසර 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අද (01) පෙරවරුවේ ආරම්භ වූ මහා සම්මේලනයේදී ඡන්ද 4978ක් ලැබී ඇති අතර ඉන් යෝජනාවට පක්ෂව ඡන්ද 4641ක් ද විපක්ෂව ඡන්ද 337 ක්ද ලැබී ඇති අතර ඒ අනුව වැඩි ඡන්ද 4641කින් එම යෝජනාව සම්මත වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි මහා සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තවදුරටත් පැවැත්වෙයි.


එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධුරකාලය වසර 6 කින් දිර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට සිය බලවත් විරෝධය පළ කළ බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පක්ෂයේ අනාගත ජයග්‍රහණය සහ උන්නතයි ගැන සිතමින් සිය හෘද සාක්ෂියට එකඟව පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයට වාචිකව මෙන්ම ඡන්දය භාවිත කිරිමෙන් ද විරෝධය පළ කළ බව නියෝජ්‍ය නායකවරයා සදහන් කළේය.



තවත් අවුරුදු 6ට මම පුටුව බේර ගත්තා....!



Gossip Lanka Hot News Previous News Archive