ශී‍්‍ර ලංකාව 65/2. ජයග‍්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 328 ක ඉලක්කයක්

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෝබාට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතරවන දිනය නිමාවට පත්වනවිට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටිනවා. සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයින් ලකුණු 278 කට අද දිනයේ දැවී ගියා. රංගන හේරත් එහිදී ලකුණු 96 කට කඩුලූ 5ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම සඳහා කඩුලූ 5 කට ලකුණු 450 ක් ලබාගනු ලැබුවා. ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලබාගත්තේ ලකුණු 336 ක් පමණයි. ඒ අනුව මේ වනවිට තරඟය ජයග‍්‍රහණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට හෙට (18) දිනයේ තවත් ලකුණු 328 ක් ලබාගත යුතු වනවා.

Gossip Lanka Hot News Previous News Archive