මාසෙට දවස් 7-8ක් නොකා නොබී කිලිනොච්චි මුලතිවුවල මං ඇවිදිනවා - Parliamentarian Namal Rajapaksa

පියාගේ දේශපාලන භූමිකාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තමා සුදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තමාගේ පියා අහවලා නිසා තවත් අවුරුදු 20ට 30ට පස්සේ රටේ නායකයා වෙන්න ඕනෑ යැයි පැවසිය හැකි නමුත් එහෙත් එවැනි තත්ත්වයකට පත්වීමේ අවශ්‍යතාවයක් තමාට නැතැයිද මන්ත්‍රීවරයා ‍පෙන්වාදෙයි.

එසේම තමන් සිය පියාගේ දේශපාලනයෙන් යැපෙන්නේ නම් ගම්වලට පැමිණීමට අවශ්‍යතාවයක් නැතැයිද මන්ත්‍රීවරයා කියයි.


ඒ අනුව මාසයකට දවස් 15ක් හම්බන්තොට ගම්වල ඇවිදීමටවත් කිලිනොච්චි, මුලතිව් ගිහින් මාසෙට දවස් 8ක් නොකා නොබී ඇවිදීමටවත් අවශ්‍යතාවයක් නැතැයි ඔහු අවධාරණය කරයි.

ඇතැම් දේශපාලනඥයින්ගේ දරුවන් තම පියවරුන්ගේ සමාජ සේවයන් ඉස්මතු කරමින් රටේ නායකත්වය ලබා ගැනීමට පවා උත්සාහ දැරූ අවස්ථා පවතින බව ඔහු පෙන්වාදෙයි.

කෙසේ වෙතත් තම දරුවන්ට රැකියාවක් ලබා ගැනීමට උදව් නොකළ බව පවසා ඇතැමුන් තමුන්ට බැන වැදිය හැකි බවද එහෙත් එම දරුවන් කවුරුන්දැයි නොදැක උදව් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ අපට ද සාධාරණව ප්‍රශ්න කළ හැකි යැයි ඔහු කියා සිටියේය.

තමන් දේශපාලනය සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ගමට සේවය කිරීමට යැයිද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

බෙලිඅත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.

Gossip Lanka Hot News Previous News Archive