Dec182012

73 හැවිරිදි විශ්‍රාමික ගුරුවරයකු කපා කොටා මරා දමලා

වත්තේගම, යටිරාවණ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි සූරසේන අමරසේකර නමැති අවිවාහක විශ්‍රාමික ගුරුවරයකු ඝාතනය කොට පුලුස්සා ඔහුගේ මෘත දේහය පවා විනාශ කිරීමේ සිදුවීමක් පිළිබඳ වත්තේගම පොලිස් අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම ගුරුවරයා යටිරාවණ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවෙසක තනිවම වාසයකොට ඇති අතර ඔහුට අයත් යටිරාවණ නිවෙස හා ඉඩම ඔහුගේ සහෝදරයාගේ විවාහක දියණියකට ජීවිත භුක්තිය තබාගෙන පවරා දී ඇති බව පොලිසිය කියයි.


සහෝදරයාගේ පුතා, දියණිය හා ඇයගේ සැමියාද මහනුවර ප්‍රිම්රෝස් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වාසයකොට ඇති අතර ඝාතනයට ලක්වූ විශ්‍රාමික ගුරුවරයාද නිතරම එම නිවෙසට ආ ගිය බව සඳහන් වේ. පොලිසිය සඳහන් කරන ආකාරයට දිනක් මෙම නිවෙසට පැමිණ ඇති විශ්‍රාමික ගුරුවරයා එම දියණියගේ ස්වාමි පුරුෂයා සමඟ බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී ඔහු සඳහන්කොට ඇත්තේ මීට ඉහත ජීවිත භුක්තියෙන් පසු ලබාදෙන බව සඳහන් කළ ඔප්පුව අවලංගු කොට වෙනත් අයකුට ලබා දීමට කටයුතු කරන බවය.

ඉන්පසු දිනෙක යටිරාවණ නිවෙසට පැමිණ ඇති බව පැවසෙන සහෝදරයාගේ පුත්‍රයා හා දියණියගේ ස්වාමිපුරුෂයා එක්ව විශ්‍රාමික ගුරුවරයා ඝාතනය කොට ඔහුගේ සිරුර ටයිල් කපන මැෂිමකින් කැබලි කපා පොහොර උරයක දමාගෙන ප්‍රිම්රෝස් පෙදෙසට රැගෙන විත් සල්පියුරික් අම්ලය යොදා ගිනිතබා විනාශකොට ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම විශ්‍රාමික ගුරුවරයාගේ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ පවත්වන වත්තේගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් ඝාතනයට ලක්වූ ගුරුවරයාගේ සොහොයුරාගේ පුත්‍රයා, දියණිය හා ඇගේ ස්වාමියා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම ඝාතනය පිළිබඳ විස්තර හෙළිවී ඇති අතර මධ්‍යම පළාත් බාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive