ඇන්ලීන්ටත් වැරදේ, සංගාගේ අස්ථියක් බිඳේ, සති 8 ක් එළියේ.

ශ‍්‍රී ලංකා පිතිකරු කුමාර සංගක්කාරගේ වම් අතේ සිදු අස්ථියක් බිඳී යාම හේතුවෙන් ඔහුට ඕස්ටේ‍්‍රලියා සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට සති අටක් තරඟ කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

අස්ථි ශක්තිමත් කරන්නේ යයි පවසමින් ශ‍්‍රී ලංකාව තුල ඇන්ලීන් කිරි පිටි ප‍්‍රවර්ධන නියෝජිතයා ලෙසද සංගක්කාර කටයුතු කරයි.

පෙර පුවත - සුසී පෙරේරා ‘Anlene Ad ’ සංගා ගේ පොලු ගලවයි


 මිචෙල් ජොන්සන්ගේ පන්දුවක් කුමාර් සංගක්කාරගේ වම් අතේ ඇඟිල්ලක වැදීම හේතුවෙන් එහි අස්ථි බිඳීමට ලක්ව ඇති අතර ස්කෑන් පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ඊට ශල්‍යකර්මයක් කළ යුතු බවයි. 

ඒ අනුව අද පස්වරුවේ සංගක්කාර ශල්‍යකර්මයට භාජන කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. 

ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුට සති 6-8 දක්වා කාලයක් ක්‍රීඩා කිරීමෙන් වැළකීමට සිදුවනු ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය. 

සංගක්කාරගෙන් අහිමිවන ස්ථානය සඳහා බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වේ. 

මෙම වාතාවරණය යටතේ සංගක්කාරට ඔස්ට්‍රේලියාව සමග තෙවැනි ටෙස්ට් තරගය, එක්දින තරගාවලිය මෙන්ම පන්දුවාර 20/20 තරගාවලියට ද සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇත. 

දෙවැනි ටෙස්ට් තරගයේදී සංගක්කාර පමණක් නොව ප්‍රසන්න ජයවර්ධන ද චානක වෙලගෙදරද ආබාධවලට ලක්වූහ

Gossip Lanka Hot News Previous News Archive