විභාගෙට කලින් විද්‍යාව ගණිතය ප්‍රශ්න පත්‍ර රුපියල් 8000 ට විකුණලා ලූ - O/L 2012 Paper Leak Issue

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව 1 සහ ගණිතය 1 ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්නපත්‍ර විභාගයට පෙර රුපියල් අටදහසක්‌ බැගින් අයකර වේයන්ගොඩ ප්‍රදේශයේ අලෙවි කර තිබේ. විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනමත් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙනමත් මෙලෙස අලෙවි කර ඇත.

පසුගිය 16 වැනිදා විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගයට පෙර විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද එදිනම සවස 17 වැනිදාට නියමිතව තිබූ ගණිතය ප්‍රශ්න පත්‍රයද අලෙවි කර ඇත්තේ ගෙන් ගෙට යමිනි.



ගණිතය ප්‍රශ්න පත්‍රය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයන් අත සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හා විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රයද තිබී ඇති අතර එම ප්‍රශ්නපත්‍ර සන්සන්දනය කර සත්‍යය වටහාගෙන ගණිතය ප්‍රශ්න පත්‍රය මිලට ගන්නා ලෙස නිවසේ හිමියන්ට දන්වා ඇත. නැවත විද්‍යාව ප්‍රශ්න පත්‍රය හා අනුමාන ප්‍රශ්න පත්‍රය අතර සමානතා දුටු බොහෝ පිරිස්‌ ගණිතය අනුමාන ප්‍රශ්න පත්‍රය ද මිලට ගැනීමට පෙළඹී තිබේ.

විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක්‌ (සිද්ධියට සම්බන්ධ යෑයි සැකකරන ගුරුවරයා නොවේ) මිලට ගෙන සිසුන් අතර බෙදා හැර ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක්‌ ටියුෂන් ගුරුවරයකු විසින් සකසන ලද අනුමාන ප්‍රශ්න පත්‍රයකට ඇතුළත් වීම පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive