86 හැවිරිදි Play Boy සඟරාවේ නිර්මාතෘගේ 26 හැවිරිදි මනාලිය

Play Boy සඟරාවේ නිර්මාතෘ හියු හෙෆනර් අනංග රජෙකි. ස්‌ත්‍රී නිරුවතේ සුන්දරත්වය ඔහුගේ ප්ලේබෝයි සඟරාව හරහා ප්‍රකට කරන අතරම මේ 86 හැවිරිදි මහල්ලා ද තරුණ ස්‌ත්‍රී ඇසුර මෙතෙක්‌ නවතා නැත. 1949 දී සිය පළමු විවාහය කරගත් හියු දැන් නැවතත් සිය 26 හැවිරිදි සහකාරිය එනම් ක්‍රිස්‌ටල් හැරිස්‌ සමඟ ලබන දෙසැම්බර් 31 වැනිදා විවාහ වීමට තීරණය කර ඇත. 1949 දී මිල්ෙඩ්‍රඩ් විලියම් සමඟ විවාහ වූ හෙතෙම 1959 දී ඇගෙන් වෙන්විය. 2006 වසරේ දී හියු හෙළි කර සිටියේ සිය පළමු බිරිඳ තමන් අනෙක්‌ කාන්තාවන් හා යහන්ගත වීම ගැන විරුද්ධත්වයක්‌ නොදැක්‌වූ බවයි. පසුව ඔහු තිම්බර්ලි කොහාඩ් සමඟ විවාහ වූයේ 1989 දී ය. 2010 දී ඇගෙන් වෙන්විය. කෙසේ නමුත් මේ අනංග රජු තරුණ කාන්තාවන් ගේ ඇසුර කිසි විටෙක නැවැත්වුයේ නැත.1969 සිට 1976 දක්‌වා ඔහු සමඟ එක්‌ව වාසය කළ එක්‌ සහකාරියක්‌ වූයේ බාර්බී පෙන්ටන් ය. පසුව වසරක කාලයක්‌ බ්‍රෑන්ඩ් රොඩ්රික්‌ සමඟ වාසය කළ අතර, 2003 සිට 2008 දක්‌වා හෝලි මැඩිසන් සමඟ එක්‌ව විසීය.දැන් විවාහ වීමට තෝරාගෙන ඇති ක්‍රිස්‌ටල් හැරිස්‌ සමඟ මේ මහලු අනංගයා 2009 සිට එක්‌ව වාසය කරයි.

 ඇත්තෙන්ම මේ කාන්තා නාමයන් හියුගේ ජීව දත්ත සටහනේ සඳහන් කර තිබූ ඒවා පමණි. එහෙත් ඔහු ඇසුරු කළ එක්‌ව විසූ රූමතියන් ප්‍රමාණය දුසිම් ගණනකි. සමහර කාන්තාවෝ මේ අනංගයාට විරුද්ධව නඩු පවරා ඩොලර් මිලියන ගණන් වන්දි ඉල්ලූහ.

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ සඟරාවට සිය ලිංගික දිවිය ගැන කරුණු හෙළිකරන හියු පවසා තිබුණේ තමන් ව්‍යාඝ්‍රා පෙති බහුලව භාවිත කරන්නෙක්‌ නොවුණ ද 'ප්‍රේම කිරීම' සඳහා අවස්‌ථාවක්‌ එළඹුණු විට එක්‌ පෙත්තක්‌ ගන්නා බවයි. ඇත්තටම සතියකට කිහිපවිටක්‌ මම ලිංගිකව හැසිරෙනවා. ඒ අවස්‌ථාවල මම ව්‍යාඝ්‍රාපෙති ගන්නවා. ඇත්තෙන්ම එම පෙත්ත දෙවියන්ගෙන් ලැබුණු උදව්වක්‌ ලෙසයි මම හිතන්නේ."

මේ අතර හියු විවාහවීමට නියමිත ක්‍රිස්‌ටල් හැරිස්‌ ප්‍රකාශ කර ඇත්තේ මේ ව්‍යාඝ්‍රා පෙති භාවිතය නිසා මහලු අනංගයාගේ කන් ඇසීම තවත් අඩු වී තිබෙන බවයි. ක්‍රිස්‌ටල් ඇමරිකානු සඟරාවකට සිය 86 හැවිරිදි පෙම්වතාගේ ලිංගික රහස්‌ ද හෙළිකර ඇතත් ඒවා පුවත්පතකට ලිවීම සදාචාර විරෝධීය ය. ඒවා පළ කළ යුත්තේ ප්ලේබෝයි සඟරාවේ පමණකි.

හියුගේ අත ගැනීමට නියමිත ක්‍රිස්‌ටල් ගායිකාවක්‌. මොස්‌තර නිරූපිකාවක්‌ මෙන්ම රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක්‌ ද වේ. ඇගේ දෙමාපියන් බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ඇයට සිය මහලු පෙම්වතා මුලින්ම මුණ ගැසුනේ 2008 වසරේදී ය. 2009 දී ඇය හියුගේ අංක එකේ සහකාරිය බවට පත් වෙයි. හියු එතෙක්‌ සිය සහකාරියවූ හෝලි මැසිසන් අතහැර මේ රූමත් තරුණිය තෝරා ගනී. ඇය කිහිපවිටක්‌ ම ප්ලේබෝයි සඟරාවේ කවරය ද සරසා තිබේ. මේ අතර කලක්‌ හියු සමඟ එක යහන බෙදාගත් බ්‍රිජට්‌ මාර්කෝඩ් පවසා ඇත්තේ අලුත් අවුරුදු උදා වෙද්දී විවාහවීම වඩා සුදුසු නමුත් තමා මේ උත්සවය සඳහා සහභාගි නොවන බවයි. හියුට සතුටු නම් මටත් සතුටුයි. නමුත් මම විවාහ උත්සවයට යන්නේ නැහැ" බ්‍රිජට්‌ ඇමරිකානු පුවත්පතකට පවසා තිබිණි.









Gossip Lanka Hot News Previous News Archive