පෘතුගීසි කාලෙ සිංහල-බෞද්ධ 98% ක් හිටියා, 2040දී 40%කට බහිනවා – අමරපුර මහ නාහිමි


පෘතුගීසිකාරයා එනකොට 98% ක් සිංහල බෞද්ධයන් සිටි අතර අද ඉන්නේ 60% ක් බවත් 2040 වන විට එය 40%ට වඩා පහළ බසින බවත්, පුංචි පවුල රත්තරං කියූ බවත් කන මෝඩ දේශපාලනඥයන් එයට වගකිව යුතු බවත් අමරපුර නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියෝ පැවැසූහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ඞී.ඒ. රාජපක්ෂ 45 වන ගුණ සමරුවේදී මහා නායක හිමියෝ එසේ පැවැසූහ.


මහා නායකහිමියෝ මෙසේද පැවැසුහ.

‘කිව්වට අමනාප වෙන්න එපා ‘ජනං රංජ් කිර්ති රාජා’ යන වචනයේ තේරුම යම්කිසි කෙනෙක් යහතින් ජනයා පාලනය කරයි නම්, රටේ අභිවෘද්ධිය සලසයිි නම්, ඒ තැනැත්තා රජු නම් වෙයි. එහෙනම් මහින්ද රාජපක්ෂ රජතුමනි, කීවාට කමක් නැත කියා මට කල්පනා වෙනවා.

1916 අවුරුද්දේ ඉපදිලා 98 වැනි වියට පා තබා සිටින මම, දිරාපු කරත්තයක් හා සමාන මට දොන් අගිරිස් රාජපක්ෂ මැතිතුමාගේ අතීතයේ පිළිබඳ මතක සටහන් රාශියක් සිහියට නැගෙනවා. එතුමා මගේ හොඳ කල්‍යාණ මිත‍්‍රයෙක්.

එතුමා මුල්ගිරිගල ගල් ලෙනක බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිකර පන්සලක් කරවා සර් ඔලිවර් ගුණතිලක මැතිතුමා ලවා විවෘත කරවූවා. ඒ පින්කමට මටත් ආරාධනා කළා. අප අතර දැඩි මිත‍්‍රත්වයක් තිබුණා.

එදා නිදහස් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඉංගී‍්‍රසි අධ්‍යාපනයයි ලොකුවට සැලකුවේ. ලොකු කොලේජ්වල ඉගෙන ගත් අයයි විශ්වවිද්‍යාලයට ගියේ.’

Gossip Lanka Hot News Previous News Archive