ඊයේ (30) සිය මංගල වෘත්තිමය බොක්සිං තරගයට මුහුණදුන් හිටපු එංගලන්ත කි‍්‍රකට් නායක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එම තරගයෙන් ජයගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
”ෆ්‍රෙඞී” ලෙසින් ලොව ක‍්‍රිකට් ලෝලීන් අතර ජනප‍්‍රිය වූ 34 හැවිරිදි ෆ්ලින්ටොෆ් ගේ ප‍්‍රතිවාදියා වූයේ ඇමෙරිකානු හෙවිවේට් බොක්සිං කී‍්‍රඩක රිචඞ් ඩෝසන් ය.
දෙවැනි වටයේදී පරාජයට ලක්වූ ෆ්ලින්ටොෆ් අනෙක් වට තුනේදීම ඉදිරියෙන් සිටිමින් අවසානයේදී ලකුණු 39-38 ලෙස මෙම තරගය ජයගැනීමට සමත් විය.
මැන්චෙස්ටර් හි පැවති මෙම තරගය නැරඹීමට රසික රසිකාවියන් ඇතුළු 5,000කට ආසන්න පිරිසක් පැමිණ තිබූ බව විදෙස් වාර්තා වල දැක්වේ.
වෘත්තිමය බොක්සිං කී‍්‍රඩාවට අවතීර්ණ වීම සඳහා ෆ්ලින්ටොෆ් ගත් තීරණය බොහෝ පුද්ගලයන්ගේ දැඩි විවේචනයට බඳුන් විය.
කෙසේ වෙතත්, ඔහු පසුගිය මාස පහක කාලය පුරාවට හිටපු ලෝක ෆෙතර්වේට් ශූර බැරී මැක්ගුයිගන් යටතේ පුහුණුව ලබා තිබුණි.