ශ්‍රී ලංකාවේ අංගම්පොර – Angampora Sri Lanka [ Documentary ]


මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ඨාචාරයේ ගොඩනැගීම් බිදවැටීම් පිළිබදව ජන වහරේ පවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසදමින් කෙරෙන සිත්ගන්නාසුළු සංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව කෙරෙන විමංසාවකින්ද, දුලබ අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත මෙම වාර්තා චිත්‍රපටය, පුරා පැයකුත් මිනිත්තු දහයක කාලයක් තිස්සේ දිගහැරෙන සිව්හෙළ හටන් කලාවේ සංක්ෂිප්තයක් ලෙස හදුන්වාදිය හැකිය.



Director: Anjula Rasanga Weerasinghe

Producer: Anjula Rasanga Weerasinghe

Plot: Anjula Rasanga Weerasinghe

Camera: Anuradha Jayasuriya



රට සිටින ජේෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙරට මනවයාගේ බිහිවීමේ සිට ශිෂ්ටාචාර ඇතිවීම දක්වාත්, රාජධානි බිහිවීම සහ බිදවැටීම් පිළිබදවත්, ඒ නිසා සිදුවූ සංස්කෘතික විපර්යාස ආදියත් පිළිබදවත් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් සිදුකරනු ලබන පැහැදිලිකරදීමක් මෙම චිත්‍රපටයේ අන්තර්ගතය. මෙයට අමතරව මෙරට සිටින ජේෂ්ඨ පාරම්පරික අංගම් පොර ශිල්පීන් වන ගුරු කරුණාපාල, වෛද්‍ය රියෙන්සි වික්‍රමසිංහ, අතුල නන්දසේන ආදීන් විසින් සිදුකරනු ලබන අංගම් සටන් කලාවේ ආරම්භය, එහි සාම්ප්‍රදායයන් සහ ඇදහිලි විශ්වාසයන් පිළිබද පැහැදිලි කිරීම්ද, අවි ආයුධ පිළිබද හදුන්වාදීම් මෙන්ම දුලබ අංගම් සටන් ජවනිකාද මෙම සිනමා නිර්මාණය තුලදී දැකගත හැක.
“කෙටි චිත්‍රපට කිහිපයකින් ලද සාර්ථකත්වයත් අත්දැකීම් සමුදායත් සමගම ඉන් ඔබ්බට ගිය වෘතාන්ත චිත්‍රපටයක් හෝ වාර්තාමය චිත්‍රපටයක් කිරීම අපි අදහස් කළා. ඒ අනුව විවිධ මාතෘකා ඔස්සේ විමර්ශණසිදුකරමින්, තොරතුරු රැස්කරමින් සහ පිටපත් ලියමින් කාලය ගතකරන අතරතුර, අංගම්පොර සටන් කලාවේ නියැලෙන පාරම්පරික ශිල්පීන් කිහිපදෙනෙකු අපට හමුවුනා. මෙම සටන් කලාව රැකගනිමින් එපමණකින් නොනැවතී එය ජාත්‍යන්තරයට පවා ගෙනයමින් එම සටන් කලාවේ නියැලෙන පාරම්පරික ශිල්පීන් කණ්ඩායම සමඟ අන්තර්ජාලයේ ෆේස්බුක් සහ යූ ටියුබ් ආදී වෙබ් අඩවි හරහා ගොඩනඟාගත් සබඳතාවන් හරහා අප රැස්කරගත් තොරතුරුත් විමසා බැලු අපට මෙම මාතෘකාව ඔස්සේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයැයි හැගී ගියා. අංගම් එළිදක්වන්නට මුල් පියවර තැබෙන්නේ ඒ ආකාරයට.“ මෙම නිර්මාණයේ අධ්‍යක්ෂක වරයා වන අංජුල රසාංග සිය නිර්මාණය බිහිවීමේ මූලික අදියර පිළිබදව එසේ විස්තර කළා.

මීට පෙර කෙටි චිත%පට, රූපවාහිනී වැඩසටහන් සහ වෙළද දැන්වීම් ආදී නිෂ්පාදන සදහා දායකත්වය ලබාදී ඇති තරුණ කණ්ඩායමකින් සමන්විත අංගම් චිත%පටයේ නිෂ්පාදක කණ්ඩායම, සිය පළමු වාර්තා චිත%පටය වන අංගම් නිර්මාණය කිරීමේදී අංජුල රසාංගගේඅධ්‍යක්ෂනයෙන් සහ නිෂ්පාදනයෙන් ද එරංග හේමජිත්ගේ සහය අධ්‍යක්ෂනයෙන්ද අමිල ආකල්ප පෙරේරාගේ සංස්කරණයෙන්ද අනුරාධ ජයසූරියගේ කැමරාකරණයෙන්ද ලලීන්ද්‍ර අමරසේකරගේ සංගීතයෙන්ද නිමවා ඇත. තවද, මෙම සිනමා කෘතිය අවම මූල්‍ය සහ තාක්ෂණික සම්පත් භාවිතයෙන් සිදුකරන ලද්දක් බව ද නිෂ්පාදක කණ්ඩායම පැවසීය.
“ක්‍රිකට් සහ තවත් සීමිත අවස්ථාවන් කිහිපයකදී හැරුණු විට අන් බොහෝ අවස්ථාවල අපගේ රට පිළිබදව විදේශිකයන් තුල සෘණාත්මක සිතුවිලි ඇතිකරවන යුගයක මෙවන් ශිල්පයක් හරහා යම්තාක් දුරට හෝ ධනාත්මක ජාත්‍යන්තර සබදතාවක් ගොඩනැගී තිබීම පැසසිය යුතු කරුණක්. මෙම සිනමා කෘතිය තුලින් එය තවදුරටත් ජාත්‍යන්තරයට ගෙනයමින් මව්බිමේ උරුමය ලෝකයටම කියන්නට අපි උත්සාහ ගන්නවා. ඒ වගේම කිවයුතුම දෙයක් තිබෙනවා…, තවත් මෙම ශිල්පය දත් අවුරුදු අසූව අනූව පමණ වන පාරම්පරික සටන් ශීල්පීන් මේ රටේ විසිරී සිටිනවා. කවුරුන් හෝ ඉදිරිපත්වී ‍ සංවිධානාත්මකව, අප අතරින් වියැකී වැනසෙමින් යන මෙවන් කලාවන් සහ ඒවායේ උරුමකම් ඇති කලාකරුවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් සකස්කරනු දැකීම සහ එවන් කලාවන් පිළිබදව උසස් තත්වයේ පර්යේෂණ සිදුකරනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි.“ අංජුල රසාංග, සිය අරමුණ පැහැදිලි කරන්නේ ඒ අයුරිනි.
පාසැල් සමයේදීම සිය හැකියාවන් එළිදක්වමින් චිත% කලාවෙන් දස්කම් දැක්වූ අංජුල, සිය පාසැල් සමයේ මිතුරන් අතර ජනපි%යව සිටියේ චිත%කතා ශිල්පියෙකු ලෙසයි. පසුකාලීනව අළෙවි සහ වෙළද දැන්විම් ක්ෂේත%යන්හි සිය වෘත්තීය දායකත්වය ලබාදුන් අංජුල සිය පළමු කෙටි චිතපටය වූ Valentine Crush(ed) සිය මිතුරන් කිහිප දෙනෙකුගේ සහයද ඇතිව2009 වසරේදි එළිදැක්වීය. එම වසරේදී Bonsoir ආදී වැඩසටහන් තුළ සහ 20th Century Fox Searchlabs, Youtube වැනි වෙබ් අඩවි තුළ ජනප්‍රියත්වයට පත් එම නිර්මාණයෙන් ලද අත්දැකීමද සමගින් මෙරට සිටින ප%වීණ සංගීතවේදියෙකු වන ඩබ් ඩී අමරදේවයන්ගේMandoharp පිළිබදව කෙටි වාර්තා චිත%පටය සදහාද සිය දායකත්වය ලබාදී ඇත. සිය සිතේ උපන් තවත් නිර්මානාත්මක සංකල්පයක් මත අධ්‍යක්ෂණය කෙරුණු අංගම්,අංජුලගේ පළමු වාර්තා චිතපටයයි.
වසර පහකටත් වඩා වැඩිකලක් තිස්සේ අධ්‍යයන කටයුතුවලදී මෙන්ම වෘත්තීය කටයුතු වලදීද අංජුලගේ මිතුරෙකු මෙන්ම සංස්කාරක වරයාද වූ අමිල ආකල්ප, සිනමා නිර්මාණයක සියුම් වැරැද්දක් වුවද සිය නෙතින් ගිලිහී යා නොදෙන තරමේ දක්ෂ සහ නිර්මාණශීලී, අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතා මනාව හදුනාගත් පළපුරුදු සංස්කාරක වරයෙකි. දැනට වෙළද දැන්වීම් සංස්කාරකවරයෙක් ලෙස සේවය කරන අමිල, අංජුලගේ නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී ඇත. අංගම් වාර්තා චිත%පටයේ සංස්කරණ දායකත්වය අමිල ආකල්ප පෙරේරාට හිමිවන්නේ ද ඒ අයුරිනි.
කැමරා ඇසින් නොදකින සියුම් තැන් සිය කැමරා කාචයට හසුකරගන්නා තරමේ දක්ෂ කැමරා ශිල්පියෙකු වන අනුරාධ ජයසූරිය අංගම් චිත%පට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පුද්ගලයා ද වන්නේය. දේශිය සිනමාවේ ජනපි%ය කෘති ගනනාවකටම විවිධ අංශයන්ගෙන් සිය දායකත්වය ලබාදී ඇති අනුරාධ, වාර්තා වැඩසටහන්, ගීත රූප රචනය,රූපවාහිනී වැඩසටහන් ආදී ක්ෂේත% ගනනාවක සිය කැමරාකරණ දායකත්වය ලබාදී ඇත.පසුගිය වසර කිහිපය පුරාවටම ජනප්‍රිය ප්‍රංශ රූපවාහිනී සගරාවක් වූ බොන්සුවා වැඩසටහනේ කැමරාකරණය අනුරාධ විසින් සිදුකර ඇත.

ලේඛණයත් කවියත් උපතින් ලත් දායදයක් තරමටම ළංකරගත් එරංග, නිරන්තරයෙන් දේශීය සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබදව විමසිල්ලෙන් සිටිමින් ඒ ගැන තොරතුරු රැස් කරන්නෙකි. එසේ රැස්කරගත් තොරතුරු අංගම් චිත%පටයට දායාද කරමින් මෙම චිත%පටයේ සහය අධ්‍යක්ෂනයත් සහය නිෂ්පාදනයත් කරන එරංග, සයිබර් අවකාශය තුළ පුස්කොළේ බ්ලොග් අඩවිය මගින් දහස් ගනනක් වූ කි%යාකාරී රසික පිරිසකට සිය නිර්මාණ රසවිදීමට සලස්වා ඇත.
වේදිකා නාට්‍ය නිෂ්පාදනය, සංගීතය, ඉසව් සංවිධානය මෙන්ම මෘදුකාංග නිෂ්පාදනය,ඩිජිටල් නිර්මාණකරණය ආදී ක්ෂේත% ගනනාවකම දස්කම් දක්වා ඇති පළ පුරුදු දක්ෂ තරුණ
නිර්මාණකරුවෙකි ලලීන් අමරසේකර. වෙළද දැන්වීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පවා පිදුම් ලැබ ඇති ලලීන්ද්‍ර ප්‍රංශයේ පැවැති Cannes Young Lions උළෙලෙහි සිනමා කාණ්ඩය යටතේ සහභාගීවීමට තරම් දක්ෂයෙක් විය. අංගම් සිනමා කෘතිය නිර්මාණයේදී සහය නිෂ්පාදනයෙන් සහ සංගීතයෙන් ලලීන්ද්‍ර සිය දායකත්වය ලබාදීඇත.
කණ්ඩායමේ සියළු සාමාජිකයන්ගේ නොසැලෙන අදිටනත්, අප%තිහත ධෛර්යයත් මෙම නිර්මාණය මෙතරම් උසස් අන්දමින් නිමවා අවසන් කරගැනීමට හේතු වූ බව අන්ජුල රසාංගගේ ගේ අදහසයි. තවද මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් මාෂ් දොඩන්වල, අනෝමා රාජකරුණා යන මහත්ම මහත්මීන්ටද, අංගම් චිත්‍රපට කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල අයටද, නන් අයුරින් සහය දැක්වූ සියළුම හිතවතුන්ටද ‍සිය ගෞරව පූර්වක ස්තුතිය කණ්ඩායම වෙනුවෙන් පලකර සිටින වග ඔහු පැවසීය.



Gossip Lanka Hot News Previous News Archive