Dec82012

ඇපල් හා සැම්සුන් උසාවි සටන නැවත අරඹයි, Apple and Samsung court battle


තාක්ෂණික බලවතුන් වන ඇපල් හා සැම්සුන් සමාගම් දෙකෙහි පේටන්ට් සටන කැලිෆෝර්නියාවේ උසාවියකදී නැවත අරඹා ඇත. ඇපල් සමාගමට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 1.05 ක් ගෙවීම වලක්වා ගැනීමට කොරියානු සමාගම උත්සාහ කරයි.

ආයතන දෙකේම නිතීඥයන් අගෝස්තු මස 24 වනදා ලබා දුන් මෙම තීන්දුව සැන් ජෝෂ් ෆෙඩරල් උසාවියේදී යලි සලකා බැලීම සඳහා සූදානම් වෙති. සැම්සුන් නඩු තීන්දුව අවලංගු කර ගැනීමට හෝ දඩය අඩු කර ගැනීමට බලන අතර ඇපල් තවත් ඩොලර් මිලියන 535 ක් ලබා ගැනීමට සැරසෙයි.


එසේම ඇමරිකාව තුල ගැලක්සි දුරකථන හා ටැබ්ලට් ඇතුලත් සැම්සුන් නිෂ්පාදන 26ක් තහනම් කර ගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි. ජූරි සභාව දඩ මුදල වැරදියට ගණනය කර ඇතැයි සැම්සුන් කියන අතර ජූරි සභිකයෙක් වන හිටපු පරිඝණක ඉංජිනේරු වෙල්වින් හෝගන් සිතාමතා වංක ලෙස කටයුතු කලේ යයි තවත් නඩුවක් පැවරීමටද අදහස් කරයි.

මෙහිදි පරාජය වුනොත් අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂඨාධිකරණයට යෑමටද ඔවුන් බලාපොරොත්තු වෙයි.

තම ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් වල නිර්මාණ ලක්ෂණ කොපි කරන ලදැයි පවසමින් බිලියන 2 ක වන්දියක් ඉල්ලා ඇපල් සමාගම සැම්සුන් වෙත පසුගිය වසරේ නඩු පවරන ලදී.

මීට පෙරද ඔවුන් සැම්සුන්ට එරෙහි චෝදනා වලින් ජයග‍්‍රහණය කර ඇත. මේ අතර තායිවානයේ HTC ආයතනය සමඟ තිබූ පේටන්ට් අවුලක් සමථයකට පත් කර ගැනීමටද ඇපල් සමාගම මැතකදී කටයුතු කලේය.

මූලාශ‍්‍ර – 01

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive