දෘෂ්යාබාධිතවූවන් සඳහා ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබා ගැනීමට සමත් විය. ඊයේ (05) පැවැති තරගයේදී ලකුණු 13 කින් එංගලන්ත දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිල පරාජය කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත පිල සමත් විය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් නොදැවී ලකුණු 69 ක් රැස්කළ චන්දන දේශපි‍්‍රය තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. නායක චන්දන සූරියආරච්චි ලකුණු 65 ක් , දිමුතු රවින්ද්‍ර ලකුණු 34 ක් ද රැස්කරමින් දස්කම් දැක්වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල ඕවර 20තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 201 ක් රැසකළ අතර එංගලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 188 ක් පමණි.
ශී‍්‍ර ලංකා පිල මේ දක්වා සහභාගී වූ තරග හතරම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. ශී‍්‍ර ලංකා පිල පළමු තරගයේදී කඩුලූ 7 කින් දකුණු අපි‍්‍රකාව ද, දෙවැනි තරගයේදී ලකුණූ 178 කින් නේපාලය ද, තෙවැනි තරගයේදී කඩුලූ 7 කින් ඕස්ටේ්රලියාවද පරාජය කළෙය.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වීමට නියමිත අතර පළමු වටයේදී එක කණ්ඩායමක් තරග අටකට කී‍්‍රඩා කරයි.