බුෂ්ට බ්‍රොන්කයිටීස්, මනීෂාට පිළිකාවක්, Manisha Koirala diagnosed with cancer

1989 වර්ෂයේ සිට 1993 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතූ කල ජෝර්ජ් බුෂ් බ්‍රොන්කයිටිස් රෝගය වැලදිම හේතූවෙන් ටෙක්සාස් නුවර රෝහලකට ඇතූලත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 88 හැවිරිදි වියේ පසුවන මොහු ඇමෙරිකාවේ ජිවත්ව සිටින වයස්ගතම ජනාධිපතිවරයාය. එමෙන්ම දෙවන ලෝක යුද ප‍්‍රවිනයා ලෙසද බුෂ් සැලකෙයි.



ඔහුගේ පුත් හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සිය බිරිද ලෝරා සමග තම පියා වන ජේෂ්ඨ ජෝර්ජ් බුෂ් බැලිමට ගොස් ඇත. හිටපු ජනපති බුෂ්ට දැනට වැලදි ඇති රෝගය මාරාන්තික නොවුනද ඔහුගේ සෞඛ්‍ය තත්වය පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියයි.

මේ අතර බොලිව්ඩු සිනමාවේ සුපිරි නිළියක වූ මනීෂා කොයිරාල ගර්භාෂයේ පිළිකාවකින් පෙළෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඇය මේ වන විට මුම්බායි නුවර රෝහලක ප‍්‍රතිකාර ලබන අතර එම පිළිකාව මුල් අවස්ථාවේ පවතින නිසා ඉක්මන් සුවය ලබා ගත හැකි වනු ඇතැයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive