ධාවනය වූ බසය තුළදීම වෙද සිසුවිය දූෂණය කරලා !

ඉන්දියාවේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළදී තරුණියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරා සහ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවකි.පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් දූෂණයට ලක් කරන ලද අදාළ තරුණිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන් පවසන්නේ, ඇයගේ තත්ත්වය බරපතල බවය.

තම පෙම්වතා සමඟ චිත්‍රපටයක් නරඹා ආපසු නිවසට පැමිණෙමින් සිටින අතරතුර තරුණිය මෙම අතරවරයට ලක් වුවාය.අදාළ තරුණිය අතවරයට ලක් කර තිබෙන්නේ ඇය සමඟ සිටි ඇයගේ පෙම්වතාට ද පහර දී ඔහු බස් රථයෙන් ඉවතට ඇද දැමීමෙන් අනතුරුවයි.එම තරුණිය අතවරයට ලක් කර බරපතල ලෙස පහර දී හිසට ද තුවාල සිදු කර තිබේ.පැය කිහිපයක් පුරා රුධිරය වහනය වීම හේතුවෙන් රෝහලට රැගෙන එන විටත් ඇය අසාධ්‍ය තත්ත්වයෙන්පසු වූ බව නවදිල්ලිහි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පැවසීය.ඇය සමඟ සිටි තරුණයා ද රෝහල්ගත කර තිබේ.



Gossip Lanka Hot News Previous News Archive