ලොරියට යටවී පස් හැවිරිදි දැරිය මරුට

පුත්තලම නගර සභාවේ මන්ත්‍රීවරයෙකු(ස්වාධීන) පැදවූ ලොරියකට යටවීමෙන් වයස අවුරුදු 05 ක කුඩා දැරියක් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

අද(11) දින පුත්තලම වාන පාර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම වාන පාර පදිංචිව සිටි අසියා ශම්ලත් ශනා (05) නම් වූ දැරියකි.


මිය ගිය දැරිය පදිංචිව සිට ඇත්තේ ලොරිය පැදවූ නාගරික මන්ත්‍රීවරයා පදිංචි නිවසට යාබද නිවසකය.ඔහු දැරියගේ ඥාති මාමා කෙනෙකි.සැකකාර මන්ත්‍රීවරයා සමග නිරතුරු ඔහුට අයත් ලොරියේ ගමන් කිරීම මෙම දැරිය පුරුද්දක් කරගෙන තිබී ඇති බව වාර්තාකරු පවසයි.

අද දින සවස නාගරික මන්ත්‍රීවරයා තම ලොරිය නිවසේ සිට පිටුපසට ගන්නා අවස්ථාවේදී එම හඬ ඇසි මිය ගොස් සිටින දැරියද පැමිණ ඇත.දැරියගේ පැමිණීම නොදැන නාගරික මන්ත්‍රීවරයා ලොරිය පසුපසට ගෙන ඇත.දැරිය එම අවස්ථාවේදී ලොරියට යටවී ඇති බව මූලික විමර්ශන වලදී හෙළිවී ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලබා සිටි දැරිවිය එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළත් ඒ වනවිටත් ඇය මිය ගොස් සිටඇත.

සැකකාර නාගරික මන්ත්‍රීවරයා පොලීසියට බාර වී ඇති අතර පුත්තලම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


Gossip Lanka Hot News Previous News Archive