කොළඹ නගරයේ සිංහල ජනතාව සියයට 50 සිට සියයට 24 දක්‌වා අඩුවී ඇත්තේ කොටි සංවිධානය විසින් 2002 දී දියත් කළ මහා පරිමාණ සැලසුමක් නිසා යෑයි හෙළිවී ඇත.
මෙම සැලසුම මත කැනඩාව සහ බ්‍රිතාන්‍යය යන රටවල කොටි දේපළ සහ බ්‍රිතාන්‍ය යන රටවල කොටි දේපළ සමාගම් 17 ක් විසින් සිංහල පවුල් පදිංචිව සිටි කොළඹ කුඩා නිවාස සමූහයක් මිලයට ගෙන මහල් නිවාස සංකීර්ණ ඉදිකර තිබේ.
නිවාස 400 ක් දක්‌වා ඇති මෙම නිවාස සංකීර්ණ වැල්ලවත්ත, කොටහේන, මෝදර, මට්‌ටක්‌කුලිය, ආමර්වීදිය සහ දෙහිවල යන ප්‍රදේශවල කොටි දේපළ සමාගම් විසින් ඉදිකළ මෙම සුවිසල් නිවාස සංකීර්ණවල පදිංචිව ඇත්තේ විදේශ රටවලින් පැමිණි ද්‍රවිඩයන් සහ උතුරු නැගෙනහිරින් පැමිණි ද්‍රවිඩයන් වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සේවය කළ කොටි හිතවාදියකු වන උසස් නිලධාරියකුගේ සහාය මත මෙම කොටි දේපළ සමාගම්වලට බදු සහන පවා ලබාදී තිබේ. එම නිලධාරියා වන්නි මෙහෙයුමින් පසු මෙරටින් පැනගොස් ඇත.
එම සමාගම් දැන් අතුරුදන් වී ඇත.
මෙම සමාගම මෙරට දේශීය ව්‍යාපාරිකයන් සතු ප්‍රධාන බැංකුවක් පිඟන් කම්හලක් ඇතුළු ප්‍රධානතම ව්‍යාපාරික සමාගම් 40 සිය පාලනයට ගැනීම සඳහා කොටි සංවිධානය රුපියල් බිලියන පහක මුදලක් යොදවා තිබූ බවද හෙළිවේ.
මෙම දේශීය සමාගම් මිලයට ගැනීමේ කොන්ත්‍රාත්තුව පවරා තිබුණේ ඇමරිකානු ව්‍යාපාරිකයකු වූ රාඡ් රාජරත්නම්ටය.