අඟහරු ලෝකයේ ජීවින්ට අරලියගහ මන්දිරයේ භෝජන සංගහයක් !!!

ජනතා ප්‍රශ්න වෙනතකට යොමු කිරීමට නොයෙකුත් මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් රාජපක්ෂ ආණ්ඩුව, අරලිය ගහ මන්දිරයට අඟහරු ලෝකයෙන් යානාවක් පැමිණ එයින් බැසගත් ජීවීන් මන්දිරෙය් දිවා භෝජන සංගහයක් භුක්ති විඳි බවට ප්‍රචාරයක් ගෙන ගිය ද එයින් පුදුමයට පත් නොවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ජනතාවට කියා සිටියි.



අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දෝශාභියෝග විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ස්වාධීන කමිටුවක් මාර්ගෙයන් නැවත සලකා බලන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 11 වැනිදා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනෙය්දී, ජාතිය ඉදිරියේ දුන් ප්‍රතිඥාව සුපුරුදු පරිදි ඔහු විසින්ම කුණු බක්කියට දැමීමට යන බවට පෙර මං ලකුණු පහළවෙමින් පවතින බවට අනතුරු අගවමින් එජාප ලේකම්වරයා නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) ජනමාධ්‍ය ප්‍රධානින් හමුවූ අවස්ථාවේදී හෙලිකල ස්ථාවරය අනුව, ස්වාධීන කමිටුවක් පිලිබඳව ජනතාවට ලබා දුන් ප්‍රතිඥාව මේ රටේ ජනතාව, සමාජ බලෙව්ග සහ ජාත්‍යන්තරය රැවටීමට සුපුරුදු පරිදි යෙදු තවත් දේශපාලන උප්පරවැට්ටියක් බව ද එම නිවේදනයේ සදහන්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (13) මාධ්‍ය පධානීන් හමුවූ අවස්ථාවේදී, ඔහු ජාතිය ඉදිරියේ දෝශාභියෝග තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් කලින් දුන් ප්‍රතිඥාවට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක පිහිටා කරුණු ඉදිරිපත් කර ඇති බව අද (14) මාධ්‍යවල වාර්තා වී තිබේ.

ඒ අනුව, සුපුරුදු පරිදි ඔහු කියා කරන ආකාරයට තමන්ගේම ප්‍රතිඥාවට පරස්පරව යමින් ස්වාධීන කමිටුවක් වෙනුවට හෙන්චයියන්ගේ කමිටුවක් මාර්ගයෙන් තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට යන බව ජනාධිපති රාජපක්ෂ මහතා විසින් ඉඟිකර ඇත.

දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධෙයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය ඉදිරියේ ලබා දුන් පතිඥාව එක්සත් ජාතික පක්ෂෙය් අවධානයට යොමු වූ අතර ඒ අනුව අෙප් ස්ථාවරය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ ක‌ෙළමු.
අපි ඉල්ලා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස අනුගමනයකිරීමට අපි බැඳී සිටින ලැටිමර් හවුස් ප‍්‍රකාශනයට අනුව යමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමෙය් මහා ලේකම්වරයා විසින් නම් කරන විනිශ්චයකාරවරුන් තිදෙනකුෙගන් යුක්ත කමිටුවක් මාර්ගෙයන් තේරීම් කාරක සභා වාර්තාව නැවත සලකා බලන ලෙසයි.
ඒ මන්දයත්, එක්සත් ජාතික පක්ෂ නායක, විපක්ෂනායක ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා ෙපන්වා දුන් පරිදි, පත් කරනු ලබන කමිටුව ස්වධීනවනවා පමණක් නොව අපක්ෂපාතී ද විය යුතුය.

කෙසේෙවතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (දෙසැම්බර් 13) ජනමාධ්‍ය ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේ හෙළිකළ ස්ථාවරය අනුව පෙනී යන්නේ ස්වාධීන කමිටුවක් පිලිබඳව ජනතාවට ලබා දුන් පතිඥාව මේ රෙට් ජනතාව, සමාජ බලෙව්ග සහ ජාත්‍යන්තරය රැවටීමට සුපුරුදු පරිදි යෙදු තවත් දේශපාලන උප්පරවැට්ටියක් බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදී එක්සත් ජාතික පක්ෂයට එල්ල කර තිබෙන චෝදනාවක් වන්නේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අගවිනිසුරු නෙවිල් සමරෙකෝන් මහතාට එරෙහිව ගෙනා දෝෂාභියෝගයේ දී එම විමර්ශනය පොදු රාජ්‍ය මණ්ඩලයීය ංලැටිමර් හවුස් මූලධර්ම මත පදනම් නොවූ බවයි.
මේ එල්ල කළ‍ චෝදනාවෙන් පෙනී යන්නේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ ස්වාධීන උපෙද්ශකයන් මේ කරුණ සම්බන්ධෙයන් ද එතුමාව නොමග යවා ඇති වගකි. මා ඉතා ගෙ!රව‌ෙයන් එතුමාට පෙන්වා දෙන්නේ ලැටිමර් හවුස් මූලධර්ම සම්මත කර ගැණුනේ 2003 වර්ෂෙය් දී නයිජීරියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේදී බැවින්, අගවිනිසුරු නෙවිල් සමරෙකෝන් මහතා සම්බන්ධෙයන් 1984 දී විභාග කළ දෝෂාභියෝග විමර්ශනයට එම මූලධර්ම පදනම් කර ගැනීමට අවස්ථාවක් සහ හැකියාවක් නොතිබූ බවයි.

ඒ අනුව මුල්ම වතාවට ලැටිමර් හවුස් මූලධර්ම දෝෂාභියෝග විමර්ශනයකට පදනම් කර ගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමිව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. එබැවින්, එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයීය සම්මුතියට ගරු කරමින්, එහි පාර්ලිමේන්තු සංගමයේ මහා ලේකම්වරයා විසින් නම් කරන විනිසුරුවරුන් තිෙදෙනකු මගින් තේරීම් කාරක සභා වාර්තාව නැවත විමර්ශන කළ යුතු බවයි.

කෙසේවෙතත්, ජනතාව ඉදිරියේ පසිද්ධියේ දුන් පතිඥාව පොදු රාජ්‍ය මණ්ඩලයීය සම්පදායන් ගරු කරමින් ඉෂ්ඨ කිරීම වෙනුවට, මේ ආණ්ඩුව රටේ ජනතාව මිරිකමින් පීඩා විඳින ප‍්‍රශ්න වලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හදුනා නොගත් ආකාශ වස්තු ජනතාවට පෙන්වමින් සිටී.

ඉදියේදී මේ ආකාශ වස්තු විජ්ජාවේ අග ඵලය ලෙස අරලිය ගහ මන්දිරයට අඟහරු ලෝකයෙන් යානාවක් පැමිණ එයින් බැසගත් ජීවීන් මන්දිරෙය් දිවා භෝජන සංග‍්‍රහයක් භුක්ති විඳින බවට ආණ්ඩුව ප‍්‍රචාරයක් ගෙන ගිය ද අපි එයින් පුදුමයට පත් නො වෙමු.

Gossip Lanka Hot News Previous News Archive