'මහින්ද චින්තන ඉදිරි දැක්ම' වැඩසටහන යටතේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා, ඉකුත් මාර්තු මස ඔස්ටේ්රලියාවේන් උසස් වර්ගයේ කිරි එළදෙනුන් 500ක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එරට විදේශ අමාත්‍ය බොබ් කාර් මහතා හට පැවසීය.
තුන් දින නිල සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටි ඔස්ටේ්රලියානු විදේශ අමාත්‍යවරයා සමග ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේබව සදහන් කළේය.
වසර 2016වන විට ශී‍්‍ර ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂණය කිරීම රජයේ ඉලක්කය බව එහිදී අවධාරණය කළ ඇමතිවරයා, එම කිරි එළදෙනුන් අභිජනනයට ලක්කිරීම මගින් ලබාගන්නා පැටවුන් සාධාරණ මිලකට ලබාදීමට රජය කටයුතු කරන බවද පැවසීය.
ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය ස්ථාවර ලෙස වර්ධනය කිරීමට පූර්ණ සහය ලබාදීමට ඔස්ටේ්රලියානු රජය පියවර ගන්නා බව බොබ් කාර් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
උතුරු නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීම මේ වන විට සාර්ථකව අවසානය කරා ළඟාවෙමින් පවතින බවත්, දැනට එම වැඩසටහන 95%කින් නිමා වී ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැහැදිලි කළේය.
උතුරු නැගෙනහිර ඉතිරිවී ඇතැයි විශ්වාස කරන බිම්බෝම්බ ඉවත් කිරීමට තරමක කාල පරාසයක් ගතවන බව පැවසු ඇමතිවරයා, පිපිරී නොමැති ආයුධ එම ප්‍රදේශයේ බහුලව පැවතීම එයට හේතුව ලෙස සදහන් කළේය. එහි දැනට ජීවත්වන ජනතාව මෙම ආයුධවල ඇති ලෝහ කොටස් එක්රැස් කිරීමට ගොස් බරපතළ ආපදාවලට ලක්වන බැවින් බිම් බෝම්බ ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳ ව සිදුකරන ප්‍රජාව දැනුවත් කිරීම් වැඩසටහන් දිගටම පවත්වාගෙන යන බවද ඇමතිවරයා කීය.
එහිදී ඔස්ටේ්රලියානු විදේශ අමාත්‍ය බොබ් කාර් මහතා ප්‍රකාශ කර සිටියේ, වසර 2013 දීත් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ඔස්ටේ්රලියානු රජයේ සහයෝගය ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් 5000ක් සහ ද්විතීයික පාසැල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ලෝක බැංකුවේ හා ඔස්ටේ්රලියානු රජයේ සහයෝගය බලාපොරොත්තු වන බව ඇමතිවරයා ප්‍රකාශ කල අතර, එහිදී ඔස්ටේ්රලියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා ඩොලර් දස ලක්ෂ 36ක ආධාර මුදලක් ලබාදීමට ඔස්ටේ්රලියානු රජය සූදානම් බවය. අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම තුළින් මෙරට තරුණයින් නීති විරෝධී සංක්‍රමණය වීම බොහෝ දුරට පාලනය වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔස්ටේ්රලියානු විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
මැද පෙරදිග හා යුරෝපීය රටවල්වල සිට ඍජු ගුවන් ගමන් යාහැකි පරිදි නව ගුවන් සේවයක් හඳුන්වාදීමට අදාළ කටයුතු දැනට සාකච්ඡා මට්ටමේ පවතින බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එහිදී සදහන් කළේය. දැනට පවතින ගුවන් සේවාවන් ඍජුව ගමන් නොකිරීම නිසා මගින් දැඩි අපහසුතාවට පත්වන අතර එය සංචාරක ව්‍යාපාරයටද ප්රබලව බලපා ඇති බවද ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්රලියාව අතර ඍජු ගුවන් සේවයක් ආරම්භ කිරීම ඉතාමත් කාලෝචිත බැවින් යෝජිත ඍජු ගුවන් සේවාව මගින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට ඔස්ටේ්රලියානු විදේශ අමාත්‍යවරයා සමග ශී‍්‍ර ලංකාවේ ඔස්ටේ්රලියානු මහ කොමසාරිස් රොබින් මූඩිල, ඔස්ටේ්රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන, ඔස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක ජේමිස් ලාසන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.