ලග්නය අනුව ජය ගෙනෙන වර්ණය, මැණික් සහ දින

ජේ‍යාතිෂයට අනුව කෙනකුට ශුභ මැණික්, ශුභ වර්ණ, ශුභ දින නියමව ඇත. එදිනෙදා ජීවිතය සඳහා භාවිත කිරීමට විවිධ වර්ණවලින් යුත් ඇඳුම් පැලැඳුම් අවශ්‍ය වේ. මෙම ශුභ වර්ණ තම ජීවිතයේ විවිධ කටයුතුවලට යොදා ගැනීමෙන් කිසියම් වාසනාවක් උදාකර ගත හැකි බව පැවැසේ.


භාවිත කරන පෑන, ලේන්සුව, ඔසරිය, ඇඳුම් හැකි නම් තම කාමරයේ බිත්තියේ පාට ජය වර්ණය අනුව යොදාගත හැකි නම් බොහෝ ශුභඵල උදාකර ගත හැක.
මෙම සුදුසු වර්ණය යොදා ගැනීම මනෝ විද්‍යානුකූලව විශේෂ බලපෑමක් ඇති කළ හැකි බව විද්වත් මතය වී ඇත. හිතේ ඇතිවන සතුට නිසා බලාපොරොත්තු ඉටුවීමට එයද බලපානු ඇත.



කෙනකුට ජය වර්ණ කිහිපයක් යෙදීමට හැකි අතර ශුභ මැණික් වර්ගද කිහිපයක් තිබිය හැක. පොදුවේ ලග්න අනුව මේ ජය වර්ණ, මැණික් ආදිය විමසා බලමු.


මේෂ ලග්නයට

රතු සහ නිල් වර්ණයද, අඟහරුවාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනයන්ද රතු මැණික්ද ශුභ ඵල ගෙන දෙයි.


වෘෂභ ලග්නයට

සුදු, ඇත්දළ පැහැයද බාදාදා, සිකුරාදා, ඉරිදා යන දිනයන්ද කොරල්, පච්ච වැනි මැණික්ද ශුභ ඵල උදාකරයි.



මිථුන ලග්නයට


කහ සහ කොළ වර්ණද බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ජය දිනයන් වන අතර පච්ච ශුභ මැණික් වර්ගය වේ.


කටක ලග්නයට

සුදු සහ ක්‍රීම් පැහැ ශුභ වන අතර සඳුදා, අඟහරුවාදා, ඉරිදා ශුභ දිනයන් වේ. දියමන්ති සහ සුදු මැණික් ජය මැණික් සේ සැලැකේ.


සිංහ ලග්නයට

රතු වර්ණය ශුභ වන අතර අඟහරුවාදා, බදාදා, සිකුරාදා, ඉරිදා ශුභ දිනයන් වේ. ශුභ මැණික් වර්ගය වන්නේ රතු මැණික්ය.


කන්‍යා ලග්නයට

කොළ වර්ණය ගැළපෙන අතර බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ශුභ දවස් වේ. පච්ච හෝ ගෝමේද ශුභ මැණික් වේ.


තුලා ලග්නයට

සුදු, ක්‍රීම් සහ අයිවරි යන වර්ණයන් ගැළපේ. අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ශුභ දින වන අතර දියමන්ති සහ සුදු මැණික් ශුභ මැණික් වේ.


වෘශ්චික ලග්නයට

මෙම ලග්නයෙන් උපන් අයට රතු පාට ශුභ වර්ණය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා යන දිනයන් ශුභ දින වන්නේය. රතු මැණික් ජය මැණික වේ.


ධනු ලග්නයට

කහ පාට ශුභ වන අතර බදාදා, සිකුරාදා, ඉරිදා ශුභ දිනයන් වේ.
පුෂ්පරාග ශුභ මැණික වේ.


මකර ලග්නයට

නිල් පාට ජය ගෙන දෙයි. අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා ශුභ දිනයන්වේ. නිල් මැණික් ශුභ මැණික් වේ.


කුම්භ ලග්නයට

රතු සහ නිල් වර්ණ ශුභ ගෙන දෙන අතර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ශුභ දිනයන් වේ. නිල් මැණික් සහ වෛරෝඩිය ඔබට ශුභ මැණික් වේ.


මීන ලග්නයට

කහ සහ රතු වර්ණ ශුභ වන අතර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වාසනාව උදාකර දෙයි. පුෂ්පරාග සහ වෛරෝඩිය ඔබේ ශුභ මැණික් වේ.

මෙහි සඳහන් ආකාරයට යම් යම් ලග්නවලට ශුභ වර්ණ, ඇඳුම් පැලඳුම් සහ විවිධ අවස්ථාවන්ට උචිත ලෙස යොදා ගැනීම කටයුතු සාර්ථක වීමට හේතු වේ. ගැළපෙන මැණික් වර්ග පැලඳීම මඟින් සමෘද්ධිය ළඟා කර ගැනීමටත් නියමිත දිනවලට ශුභ කටයුතු යොදා ගැනීමත් මඟින් තමාගේ අභිමතාර්ථයන් මල්පල ගන්වා ගැනීමටත් හැකිය.



Gossip Lanka Hot News Previous News Archive