දකුණු කොරියානු ඉතිහාසයේ ප්රථම වරට කාන්තාවක ජනාධිපතිධුරයට පත්ව තබේ.පාර්ක් ග්වේන් හයි මෙලෙස ජය හිමි කර ගත්තේ, ප්රතිවාදී අපේක්ෂක මූන් ජේ බන් පරාජය භාර ගැනීමත් සමඟය.පාලක සේනුරු පක්ෂයේ අපේක්ෂිකාව ලෙස පාර්ක් ග්වේන් හයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවාය.
මේ දක්වා ගණනය කළ ඡන්ද ප්රමාණය අනුව ඇයට ජනාධිපතිවරණ ජය හිමිව ඇති අතර විදෙස් වාර්තා පැවසූවේ, තවමත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ක්රියාත්මක බවය.
ගණනය කළ ඡන්ද ප්රමාණය අනුව පාර්ක් ග්වේන් හයිට 50.1% ප්රතිශතයක් හිමව තිබේ.
ප්රතිවාදි අපේක්ෂකයාට හිමව ඇත්තේ, 48.9%ක ඡන්ද ප්රතිශතයක් පමණි.
බිඳ වැටී ඇති සිය රටෙහි ආර්ථිකය යළි නගා සිටුවන බව ජනාධිපතිවරණ ජයග්රහණයෙන් අනතුරුව පාර්ක් ග්වේන් හයි ප්රකාශ කළාය.
මේ වනවිට 2%කින් දකුණු කොරියාවේ ආර්ථිකය පහත බැස තිබේ.
60 හැවිරිදි පාරක් ග්වේන් හයි හිටපු ඒකාධිපති පාලක පාර්ක් චන්ග් හීගේ දියණිය යි.
වත්මන් ජනාධිපති ලී මියුන් බක්ගේ වසර 5ක ධුර කාලයෙන් පසුව ඇය මෙලෙස ජනාධිපති ධුරයට පත් වන්නීය.