අගවිසුරුවරිය ගොළු වෙලා හිටියා -ඇමති රාජිත

දෝශාභියෝග විමර්ශන කමිටුවේදී ඇමතිවරුන් දෙදෙනකු උස් හඬින් කතා කරද්දී තමන් මැදිහත් වී එය නවතා දැමූ බවත්, ඒ අවස්ථාවේ අගවිනිසුරුවරිය ගොලුවී බලා සිටි බවත් එම කමිටුවේ සාමාජික අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කෙසේවුවද, අගවිනිසුරුවරියට හෝ නීතීඥයන්ට අපහාස වන ආකාරයේ කාතාබහක් සිදු නොවූ බවද ඔහු පවසයි.


කමිටුව විසින් සිදුකල ප‍්‍රශ්න කිරීම් හමුවේ අගවිනිසුරුවරිය කිසිවක් කතා නොකල බවත්, සියළුම කතා බහ සිදු වූයේ නීතීඥයන් මාර්ගයෙන් බවත් ඔහු සඳහන් කරයි.

එසේ නොමැතිය අගවිනිසුරුවරිය සමඟ කිසිදු වාදයකට පටලැවීමක් සිදු නොවූ බවත්, එවැනි පටලැවිල්ලක් ඇතිවන්නට නම් අගවිනිසුරුවරිය කතා බහ කල යුතු බවත් පවසන අමාත්‍යවරයා සියළු සිදුවීම් හැන්සාඞ් ගතවී ඇති නිසා ඕනෑම කෙනෙකුට එය නිරීක්‍ෂණය කල හැකි යයිද කියා සිටියේය.

එසේනමුත්, දෝෂාභියෝග විමර්ෂණ කමිටුවේ සාමාජික විජිත හේරත් මහතා පැවසුයේ, දෝෂාභියෝග තේරීම් කාරක සභාවේදී ඇමතිවරුන් දෙදෙනෙකු විසින් අගවිනිසුරුවරියට අපහාසාත්මක ලෙස ඉතා පහත් ආකාරයෙන් කතා කළ බවයි.

Gossip Lanka Hot News Previous News Archive