ශී‍්‍ර ලංකා මර්වින් පොලිසිය !

‘කැළණිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ තියෙන්නේ ශී‍්‍ර ලංකා පොලිසිය නෙවෙයි. මර්වින් පොලිසිය. අපි මොනයම් පැමිණිල්ලක් දැම්මත් කිසිම වගවිභාගයක් නැහැ. මර්වින් හිතවතුන් බොරු පැමිණිල්ලක් දැම්මත් අපිව උස්සන් යන්න ප‍්‍රමාද නොවීම පොලිසිය එනවා.’

මෙසේ පවසන්නේ කැලණිය ප‍්‍ර‍්‍රාදේශිය සභාවේ චමිල් දුමින්ද පෙරේරා මහතාය.

ඒ මහතා එසේ පැවසුවේ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවිරු මහතා කාන්තාවකට පහරදුන්නේ යැයි උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් සභාපති හිතවතුන් සහ කැලණිය ප‍්‍රාදේශීය සභා සේවක පිරිස් පසුගියදා කළ උද්ඝෝෂණ අවස්ථාවේ දී ය.


‘සභාවට පැමිණ අපටම හිරිහැර කළ කාන්තාවක් ඇයට සභාපතිවරයා ඇතුළු පිරිසක් මහර දුන්නේ යැයි කියමින්, අසත්‍ය චෝදනාවක් නඟමින් රෝහල් ගත වුණා. මෙම කාන්තාව ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකුගේ සොයුරියක්. ඇය එදින ප‍්‍රාදේශීය සභාවට ආවේ සභාව තුල කලබලයක් කීරීමේ සැලැසුම් ඇතිවයි. මර්වින් ඇමැතිවරයාටත්, ඔහුගේ හිතවතුන්ටත් අවශ්‍ය ඔහුට විරුද්ධව ඇති එ.ජ.නි.ස. මන්තී‍්‍රවරුන්ට මොනයම් ආකාරයෙන් හෝ තාඩන පීඩන කිරීමයි. ගතවූ වසරක කාලය තුළ මන්තී‍්‍රවරු පස් දෙනෙකුට වරින්වර අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගැනීමට, උසාවි යැවීමට කටයුතු කළා. ඒවා කළේ ඉතාමත් අසාධාරණ අන්දමින්.

මර්වින් ඇමැතිවරයා කියන ඕනෑම දෙයක් කිරීමට කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිසි වහාම කි‍්‍රයාත්මක වනවා. හරි වැරැද්ද සොයන්නේ නැහැ.

වරක් මර්වින්ගේ මැරයන් ඇවිත් මගේ නිවෙසට පහර දුන්නා. නිවෙසේ බඩු බාහිරාදියට අලාභහානි කළා. මුදල් ද පැහැර ගත්තා. ඒ මැරයන් අසල්වාසින් විසින් අල්ලා එවේලේම කැලණිය පොලිසියට බාර දුන්නා. අද වන තුරු කිසිම වග විභාගයක් නැහැ. එසේ අල්ලා දුන් මැරයන් එම අවස්ථාවේදීම නිදහස් කළා. මේව ඉතාමත් අසාධාරණ වැඩ.’ යයිද ඔහු පවසයි.

Gossip Lanka Hot News Previous News Archive