පළමු ටෙස්ට් තරගයේ පරාජය සැකයට ලක්වෙයි.

 පන්දුව පළුදු කිරීමේ කිසිදු සාක්‍ෂියක් නැතිලූ
ඊයේ අවසන්වූ ශ්‍රී ලංකාවට පරාජය උරුමවූ ටෙස්ට් ක්‍රිකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් පන්දුව කඩතොලූ කිරීමේ චෝදනාවකට ලක්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් ලැබී නැතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තත්ත්වය යටතේ අදාළ පරීක්‍ෂණ එතෙකින් නිමා වනු ඇත.


ශී‍්‍ර ලංකා පිතිකරුවන් පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටියදී ඕස්ටේ‍්‍රලියානු පිලේ පීටර් සිඞ්ල් පන්දුව පළුදු කළේ යයි ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් කරුණු දක්වනු ලැබ තිබිණ. එසේ වුවත් තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා පවසා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධ සියලූම රූපවාහිනී වීඩියෝ පට නැරඹූ නමුත් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් හමු නොවූ බවයි.

 මේ සම්බන්ධයෙන් ලංකාවේ නායක මහේල ජයවර්ධන මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන්ටද මේ ගැන සැකයක් ඇතිවූ නමුත් ඒ සම්බන්ධ පැහැදිලි සාක්ෂි නොලැබුණ නිසා විධිමත් පැමිණිල්ලක් නොකළ බවකි.

”තරගය පවතිද්දී විනිසුරුවරුන් නිරන්තරයෙන්ම පන්දුව පිළිබඳව පරීක්‍ෂාවෙන් පසුවුණා. ඒ වගේම වීඩියෝ පට පරීක්‍ෂාවෙන් පසුවත් ඔවුන් පන්දුව ගැන පරීක්‍ෂාවන් පසුවුණා”
”පන්දුවේ තත්ත්වය වෙනස් කළ බවට කිසිදු සළකුණත් තිබුණා කියා ඔවුන් ප‍්‍රකාශ කළේ නෑ” යයිද බ්‍රෝඞ් මහතා පැවසීය.

තරගය පවත්වන අතරතුර මාධ්‍ය මගින් සාකච්ඡාවට ලක්කළ සිඩ්ල්ගේ විවාද සම්පන්න පන්දු කඩතොලූ කිරීමේ වීඩියෝ දර්ශනය පහතින්

Gossip Lanka Hot News Previous News Archive