මුස්ලිම් ලෝකය ප‍්‍රකෝප කරන තවත් චිත‍්‍රපටයක් හදයි, පොලීසිය සීරුවෙන්

 Innocence of Muslims 2?
කුරාණය පුළුස්සා දැමූ ඇමරිකානු පාස්ටර් වරයෙක් වන ටෙරී ජෝන්ස් සමඟ සහයෝගීව නිපදවන ලදැයි කියවෙන ඉස්ලාම් ආගම ගවේෂණය කරමින් නිපදවූ තවත් ප‍්‍රකෝපකාරී චිත‍්‍රපටයක් ඉදිරියේදී නිකුත් වන බව බෙල්ජියම පෙන්වා දෙයි.

කලින් මුස්ලිම්වරයෙකුව සිට දැන් ස්පාඤ්ඤයේ වෙසෙන පාකිස්තානු ජාතික ඉම්රාන් ෆරාසාත් විසින් මෙය නිෂ්පාදනය කර ඇත. ‘THE INNOCENT PROPHET’ චිත‍්‍රපටයෙන් තමා බලාපොරොත්තු වුනේ මහම්මත් තුමාගේ ජීවිතයේ සත්‍යය අනාවරණය කිරීමට බව ඔහු කියා සිටියි.


ඉස්ලාම් ආගම පිලිබඳ සත්‍යය සොයා ගැනීමට මහම්මත් තුමාගේ ජීවිතයේ ගැඹුරට ගොස් ඔහු සැබවින්ම දෙවියන් විසින් එවන ලද්දෙක්ද නැතිනම් ලමා දුෂක, ඝාතක, තමා විසින්ම වක්තෘවරයෙකු යයි කියා ගන්නෙක්ද යන් සොයා බැලිය යුතු බව මේ චිත‍්‍රපටයේ පූර්ව දර්ශනයේදී කියවේ. ජෝන්ස් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ඉස්ලාම් විරෝධී දේශනා සහ 9/11 දසවස් සැමරුම වෙනුවෙන් කුරාණ ගිනිබත් කිරීමේ දිනයක් පැවැත්වීම නිසාය.

මේ චිත‍්‍රපටය අතිශයින්ම ප‍්‍රකෝපකාරී එකක් නිසා බෙල්ජියම් පොලීසිය රටේ ත‍්‍රස්ත අනතුරු පිලිබඳ විමසිල්ල වැඩි කර ඇත. මේ නිසා ජෝන්ස් කියා ඇත්තේ තම චිත‍්‍රපටය අධිකාරීන් විසින් බලා එහි අදහස් පල කිරීමේ අයිතියෙන් පිටස්තර හෝ අමානුෂික දෙයක් නැති බව තහවුරු කරගන්නා තෙක් චිත‍්‍රපටය එලි දැක්වීම කල් දැමිය හැකි බවයි.

පූර්ව දර්ශනය ඇති youtube පිටුවේ අධිකාරීන් ඉල්ලා සිටියහොත් අත්‍යාවශ්‍ය වෙනස්කම් සිදු කරන බව ඔහු ලියා ඇත. මේ වසර මුලදී INNOCENCE OF MUSLIMS චිත‍්‍රපටය නිසා ලොව පුරා ඇතිවූ උද්ඝෝෂණ බෙල්ජියම අත්දැක ඇත.

 මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive