කොට ගවුම් ඇදීම රජතුමා ඉදිරියේ දී පමණයි !

කාන්තාවන් ශරීරය නිරාවරණය වූ කොට ගවුම් ඇද මහමග ප‍්‍රසිද්ධියේ ගමන් කිරීම තහනම් කිරිමට ස්වාසිලන්ත රජය තීරණය කර ඇත. ස්වාසිලන්ත පොලිස් ප‍්‍රකාශිකා වෙන්ඩි හලේටා පවසන පරිදි ස්වාසිලන්ත කාන්තාවන් පමණට වඩා ශරිරයේ අංගෝපාංග නිරාවරණය වන ඇදුම් ඇදීමෙන් ලිංගික අතවරයන්ට ලක්වීමේ වැඩි ප‍්‍රවණතාවයක් තිබෙන හෙයින් 1988 වසරේදී අත්හිටුවා තිබූ මෙම නීතිය නැවත බලාත්මක කර ඇත.


පසුගියදා ස්වාසිලන්තයේ මන්සිනී නගරයේදී ලිංගික අතවරයන්ට එරෙහිව කාන්තාවන් පිරිසක් විසින් කොට ගවුම් ඇදගෙන පැවැත්වූ විරෝධතාවයද පොලීසිය විසින් තහනම් කර විසුරුවා හරින ලදි.

නමුත් ස්වාසිලන්ත රජතුමාට අළුත් බිසවුන් සොයාගැනිම සදහා වාර්ෂිකව පැවැත්වෙන රීඞ් උළෙලට මෙම කොට ගවුම් ඇදීම තහනම් නිතිය බලනොපාන බවද පොලිස් ප‍්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කරයි.

ලෝකයේ වැඩිම ඒඞ්ස් ආසාදිතයන් ප‍්‍රතිශතයක් සහිත රටක් වන ස්වාසිලන්තයේ රාජ්‍ය පාලකයා තුන්වන ස්වාටි රජතුමා වන අතර මේවන විට රජ බිසවුන් 13 කගේ පහස ලබමින් අති සුඛොපභොගී ජීවිතයක් ගත කරන මෙතුමා පසුගියදා නිළ රාජ්‍ය චාරිකාවක් සදහා ශී‍්‍ර ලංකාවටද සැපත් විය.

Gossip Lanka Hot News Previous News Archive