![]() |
ලෝකයේ දිගම අධිවේගි දුම්රිය මාර්ගයේ සමාරම්භක දුම්රිය ගමනට චීනයේ බිජිං දුම්රියපොළේ බුලට් දුම්රිය සුදානමින් පසුවු අයුරු. |
ලෝකයේ දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු චීනය ඊයේ ආරම්භ කළේය. එය චීනයේ අධිවේගී දුම්රිය ජාලයේ නවතම සන්ධිස්ථාන ලෙස සැලකී තිබේ.
බීජිං හා ගුවාන්ෂෝ අතර කිලෝමීටර 2298 ක් දුර මේ නව දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙතෙක් පැය 22 ක ගමනක යෙදුණු මගීන්ට මින්පසු ඒ සඳහා වැයවනු ඇත්තේ පැය 8 ක් පමණි.
බිජිං බටහිර දුම්රියපොලෙන් මේ මාර්ගයේ දිවෙන පළමුවන දුම්රිය ගමන් අරඹනු මධ්‍ය රූපවාහිනි ජාලයෙන් විකාශනය කෙරිණ.
මෙම ගමනේදි දුම්රිය පැයට කිලෝමීටර 300 ක වේගයෙන් ගමන් කරන අතර ප්‍රධාන දුම්රිය පොළ 35 ක පමණක් නවත්වනු ලබන්නේය.
මේ දුම්රිය ගමනට දෙසැම්බර් 26 දා ම තෝරාගෙන ඇත්තේ 1893 එම දිනයේදී උපත ලත් චීන නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණය කරනු පිණිසය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggVpX8q8XuE4iTTB_9mUP64X1TWJ-zFoaK07kEhY7kpun6Za2lLSfhGLY07tU38bCZQSDiMCsoKC2bIke9LnChjo9Fi9pKmta5nH1R4pNIb4mqlICvfRQKMiMgwqAblIF08S58VaQHomgQ/s320/Bullet-train-at-Beijing-w-008.jpg)
.