කිවුලේකඩ මහා වැවේ බැම්ම කැඩී යයි.

  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ පිහිටි මහා වාරිමාර්ග ක්‍රමයට අයත් වැවක් වූ කිවුලේකඩ වැව අද (27) සවස 4.30ට පමණ කැඩී ගියේය.අඩි සීයක් පමණ වැව් බැම්ම කැඩී යන අවස්ථාවේ අක්කර අඩි 7700ක පමණ ජල ධාරිතාවක් වැවේ ගබඩා කර තිබුණි. දැවැන්ත ජල කඳපිටතට ගලා යාමෙන් නිවාස විශාල ප්‍රමාණයක් සහ කුඹුරු අක්කර 500ක් පමණ ජලයෙන් යට වී ගියේය. මේ වන විට ජීවිත හානි පිළිබඳ කිසිම තොරතුරක් වාර්තා වී නැත.යුධ හමුදාව, පොලීසිය, වාරිමාර්ග නිලධාරින් සහ ජනතාව එකතු වී වැලි කොට්ට අතුරමින් වැව් බැම්ම තවත් කැඩීයාම වළක්වන ප්‍රයත්නයේ යෙදී සිටිති. මේ වන විටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහා වාරිමාර්ගයට අයත් වැවක තාවුල්ල බිදීගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙවර අධික වර්ෂාව නිසා කැඩී බිඳී ගිය පළමු වැනි වැව මෙය වේ. මේ හේතුවෙන් වැව යටතේ ඇති නිවාස සහ කුඹුරු ජලයෙන් යටවී ඇත.අක්කර අඩි හත් දහසක ජල ධාරිතාවකින් යුතු කුඹුරු අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම වැව යටතේ වගා කෙරේ.මේ වැව 2011 වසරේ පෙබරවාරියේ දී කැඩී ගිය අතර, ඒ සඳහා ඇමැති එස්. එම්. චන්ද්‍රස්න මහතා කරන ලද ඉල්ලීම මත ආණ්ඩුව මඟින් රුපියල් කෝටි දහයක් පමණ මුදලක් වැය කොට නවීකරණය කරන ලදී.

 

 

Gossip Lanka Hot News Previous News Archive