‘හලාල්’ සහතිකය බලෙන් දෙන්නෙ නෑ – ජමියතුල්ලා උලමා

ශ‍්‍රී ලංකාව තුල සාමය සහජීවනය ඇති කිරීම මිස ප‍්‍රශ්න ඇතිකිරීමට තම සංවිධානය කටයුතු නොකරන බවත් හලාල් සහතිකය කිසිවෙකුටත් බලහත්කාරයෙන් දීමට කටයුතු කර නැති බවත් සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය සඳහන් කරයි.

තම සංවිධානය විසින් හළාල් සහතිකය පිරිනමනුයේ මහජනයාට ප‍්‍රමිතියෙන් යුතු, සෞඛ්‍ය සම්බන්න භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උරුමකර දීමට බවත් කිසිවිටෙකත් එම සහතිකය බලෙන් ලබාදීමට කටයුතු නොකරන බවත් ඔවුන් පවසයි.

මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සමාගම් 200කට වඩා වැඩි ප‍්‍රමාණයකට එම සහතිකය ලබා දී ඇති බවත් සහතිකය ලබාදීමට අයකරන ගාස්තුව බද්දක් නොවන අතර එය ලංකාවේ අනෙකුත් තත්ව සහතික ලබාදීමට ලබාදීමට අයකරන ගාස්තුවට වඩා අඩු මුදලක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

Gossip Lanka Hot News Previous News Archive