දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවිය මියයයි

පසුගිය 16 වැනිදා පුද්ගලයින් කිහිප දෙනෙකු අතින් බස් රථයක් තුළදී පැය 04 ක පමණ කාලයක් අමානුෂික ලෙස දූෂණයට ලක්වු ඉන්දියාවේ දිල්ලි සරසවියේ ඉගෙනු ලැබු‍ වෛද්‍ය සිසුවිය මියගොස් ඇතැයි වාර්තාවේ.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ සිටි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට අතුළත් කර සිටියදී අද (29) අලුයම 4.45 ට පමණ මියගිය බව විදෙස් වාර්තා පවසයි.



23 හැවිරිදි එම ශිෂ්‍යාවට ඉන්දියාවේ දිල්ලි හිදී ශල්‍යකර්ම 03 ක් සිදුකර තිබූ නමුත් එමගින් සුවය නොලැබූ ඇය වෛද්‍ය නිර්දේශ මත පසුගිය බ‍්‍රහස්පතින්දා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කෙරිණ.

මෙම සිද්ධිය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරාම මහත් ආන්දෝලනයකට ලක්වු සිද්ධියක් බවට පත්වී තිබේ.


-සබැදි පුවත්- 

1.ධාවනය වූ බසය තුළදීම වෙද සිසුවිය දූෂණය කරලා !







Gossip Lanka Hot News Previous News Archive